SRILANKAN NEWS

රෝහින්ග්‍යා මුස්ලිම්වරුන්ට ජාත්‍යන්තර රටවල් රැකවරණය ලබාදිය යුතුයි – හාෆිස් නසීර්

මියන්මාරයේ වදහිංසාවට හා ජන සංහාරයට ලක්වන රෝහින්ග්‍යා මුස්ලිම් ජනතාවට රැකවරණය ලබාදීමට ශ්‍රී ලංකාව ඇතුළු ජාත්‍යන්තර රටවල් ඉදිරිපත් විය යුතු යැයි නැගෙනහිර පළාත් මහ ඇමැති හාෆිස් නසීර් අහ්මද් මහතා පවසයි.

මානව හිමිකම් දරුණු ලෙස උල්ලංඝණය කරමින් කුඩා දරුවන් සිට ගැබිණි මව්වරුන් දක්වා අමානුෂික ලෙස ඝාතනය කරමින් සිටින මියන්මාර රජය ගැන නිසි ක්‍රියාමාර්ගයක් ගැනීමට ශ්‍රී ලංකා රජය එක්සත් ජාතීන් සංවිධානයට බලපෑම් කළ යුතු යැයි මහ ඇමැතිවරයා ඉල්ලා තිබේ.

දැනට රෝහින්ග්‍යා මුස්ලිම්වරුන්ට එරෙහිව පවත්වාගෙන යන මිලේච්ඡා ප්‍රචණ්ඩත්වය සම්බන්‍ධයෙන් මාධ්‍යට අදහස් ප්‍රකාශ කරමින් ඔහු මේ බව පවසා තිබේ.

රෝහින්ග්‍යා මුස්ලිම්වරුන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පසුගිය වසර දෙකකට වැඩි කාලයක් තිස්සේ සිඳුවන නමුත් ජාත්‍යන්තර රටවල් මෙතෙක් එයට කිසිඳු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත. ශ්‍රී ලංකාවේ පසුගිය වසර 30ක කාලයක් පැවැති යුද්දයේදී ජාත්‍යන්තර රටවල් තම දේශපාලන ප්‍රතිලාභ මුල්කරගෙන අනුගමනය කළ විවිද ප්‍රතිපත්ති හේතුවෙන් දහස් ගණනක ජනතාව ජීවිතක්‍ෂයට පත්වුණි.

එමෙන් එම වැරද්ද ජාත්‍යන්තර රටවල් මියන්මාරය සම්බන්‍ධයෙන් ද සිඳු නොකළ යුතුයි. කැනඩාව, නවසීලන්තය, ඔස්ට්‍රෙලියාව සහ මැද පෙරදිග රටවල් මෙම ජනතාවට රැකවරණය ලබාදීමට ඉදිරිපත්විය යුතු යැයි මහ ඇමැතිවරයා වැඩිදුරටත් පවසා තිබේ.