SRILANKAN NEWS

කිලෝ 500ක බෝම්බයක් නිෂ්ක්‍රිය කිරිමට මුහමාලයි ජනතාව ප්‍රදේශයෙන් ඉවත් කරයි..

කිලෝ 500ක ගුවන් ප්‍රහාර බෝම්බයක් නිෂ්ක්‍රිය කිරීම සඳහා මුහමාලයි ප්‍රදේශයේ ජනතාව එම ප්‍රදේශයෙන් ඉවත් කර තිබේ. කිලිනොච්චිය පච්චිලයිපල්ලි, මුහමාලයි ප්‍රදේශයට අවට ඉන්ද්‍රාපුරම්, සෙල්වපුරම්, වෙම්පොඩුකේනි, යන ප්‍රදේශවල ජනතාව පැය කාලයක් ප්‍රදේශයෙන් ඉවත් කර තිබේ.

වේම්පොඩුකේනි ප්‍රදේශයෙන් සොයා ගත් කිලෝ 500ක බැරින් යුත් බෝම්බයක් නිෂ්ක්‍රිය කිරීම සඳහා ආරක්‍ෂක හේතු මත ඉකුත් ප්‍රදේශවල ජනතාවට පස්වරු 3 සිට 4 දක්වා ප්‍රදේශයෙන් කිලෝ මීටරයක දුරට පිටත්වන ලෙස දැනුම් දී තිබේ.

ඉකුත් ප්‍රදේශයේ තිබෙන එම බෝම්බය එම ස්ථානයේදීම නිෂ්ක්‍රිය කිරීම සඳහා ගුවන් හමුදාව, හලෝ ට්‍රස්ට් බිම්බෝම්බ ඉවත් කිරීමේ ආයතනය, සහ පොලිසිය ද එක්වූහ.