SRILANKAN NEWS

සිල් රෙදි නඩුවේ තීන්දුව මහින්ද පිල බාරගනියි

පැවැති ජනාධිපතිවරණයේ අපේක්ෂයෙකු වූ එවකටද ජනාධිපති ලෙස කටයුතු කළ මහින්ද රජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීම සඳහා මැතිවරණ ප්‍රචාරක කටයුත්තක් ලෙස නීති විරෝධී අයුරින් විදුලි සංදේශ නියාමන කොමිසමේ මුදල් භාවිතා කරමින් සිල් රෙදි බෙදා හැරීමට අදාළ නඩුවෙන් වැරදිකරුවන් වූ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ අනූෂ පැල්පිට මහතාට අදාළ නඩු තීන්දුව පිළිගනිමින් එහිදී ඔවුන්ට නියම කළ වන්දි මුදල් සහ දඩ මුදල් ගෙවීමට මහින්ද පිලේ මන්ත්‍රීවරු සූදානම් වන බව වාර්තා වේ.

මීට පෙර මහින්ද පිල සහන් කර සිටියේ තමන් මෙම නඩු තීන්දුව පිළි නොගන්නා බැවින් ඊට එරෙහිව අභියාචනාධිකරණයට යන බව ය.

කෙසේ නමුත් මේ වනවිට අදාළ වන්දි මුදල් ගෙවීම සඳහා මහින්ද පිලේ එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගෙන් රුපියල් ලක්ෂය බැගින්ද, ඔහුන්ගේ පළාත් සභා මන්ත්‍රීවරුයෙකුගෙන් රුපියල් පනස් දහස බැගින්ද, පළාත් පාලන නියෝජිතයෙකුගෙන් රුපියල් විසිපන්දහස බැගින්ද එකතු කිරීමට නියමිතය.

ලලිත් වීරතුංග මහතාට සහ අනූෂ පැල්පිට මහතාට එරෙහිව ලබා දුන් දඬුවමට අදාළව එක් අයකුට රුපියල් ලක්ෂ 20 බැගින් වු දඩ මුදලක් ගෙවීමට නියම වූ අතර රුපියල් මිලියන 50 බැගින් වූ වන්දියක් විදුලි සංදේශන නියාමන කොමිසමට ගෙවන ලෙසද ඔවුන්ට නියම කෙරිණි.

ඒ අනුව මහින්ද පිලේ මහජන නියෝජිතයන්ගෙන් එකතු කර රුපියල් එක්කෝටි හතලිස් ලක්ෂයක මුදල ගෙවීමට සූදානම්ව සිටියි.

රුපියල් මිලියන 600ක මුදලක් මෙම සිල් රෙදි බෙදා දීම සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් වැය කර ඇති අතර ඊට අදාළ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුමැතිය හෝ ලබාගෙන නොමැති බව අධිකරණයෙන්දී අනූෂ පැල්පිට මහතා පිළිගෙන තිබේ.

ලංකා ටෘෘත්