SRILANKAN NEWS

යුද්දයෙන් පසු කිලිනොච්චිය දිස්ත්‍රික්කයෙන් පමණක් ලක්‍ෂ හයකට අධික පුපුරණ ද්‍රව්‍ය ඉවත් කර ඇත.

යුද්දය අවසන් වූ පසු 2011 වසරේදී බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කර මේ දක්වා පුපුරණ ද්‍රව්‍ය 6 ලක්‍ෂ 62 දහස් 839න් ඉවත් කර ඇති බව දිස්ත්‍රික්ක ලේකම් කාර්‍යාලයේ තොරතුරු සඳහන් කරයි. කිලිනොච්චිය දිස්ත්‍රික්කය පුරා ප්‍රදේශ රැසක බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතුවල ආයතන රැසක් යෙදී සිටියි. එම ආයතන විසින් මෙතෙක් බිම් බෝම්බ, ඇතුළු පුපුරණ ද්‍රව්‍ය විශා ප්‍රමාණයක් සොයාගෙන තිබේ.

එහිදී බිම් බෝම්බ එක් ලක්‍ෂ 27 දහස් 815ක්ද, කුඩා ප්‍රමාණයේ පුපුරණ ද්‍රව්‍ය තුන් ලක්‍ෂ 18 දහස් 794ක්ද, පුපුරා නොගිය පුපුරණ ද්‍රව්‍ය දෙලක්‍ෂ 15 දහස් 550ක්ද, වාහන පුපුරණ ද්‍රව්‍ය 667ක්ද ඉවත්කර තිබේ.

මේ අතර, මෙතෙක් වර්ග මීටර 11607005ක ප්‍රදේශයක බිම් බෝම්බ ඉවත් කර ඇති අතර, දැනට වර්ග මීටර 9333766ක ප්‍රදේශයක බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සිඳුකරන බවත්, තවත් වර්ග මීටර 3239227ක ප්‍රදේශයක බිම් බෝම්බ ඉවත් කළ යුතුව තිබෙන බවද පැවැසේ.