SRILANKAN NEWS

වැලිකඩ ඝාතනය ගැන ගොනු කළ රීට් පෙත්සම ලබන 17 විභාගයට

2012 වසරේ වැලිකඩ බන්ධනාගාර වෙඩි තැබීමේ සිද්ධියේ දී රැදවියන් 27 දෙනෙකු ඝාතනයට ලක්වීමට අදාළ නිසි පරීක්ෂණයක් පවත්වන ලෙසට ඉල්ලා ගොනු කළ රීට් පෙත්සම ලබන ඔක්තෝම්බර් 17 වනදා සළකා බැලීමට අභියාචනාධීකරණය දින නියමකර තිබේ.

වැලිකඩ බන්‍ධනාගාරය තුළ ආරක්ෂක අංශ සිදු කළ එම වෙඩි තැබීමේ සිද්ධියෙන් රැදවියන් විසිහත් දෙනෙකු මිය ගිය අතර, අදාළ සිද්ධිය සම්බන්‍ධයෙන් නිසි පරීක්ෂණයක් සිදු කරන ලෙසට පොලිස්පතිවරයාට හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නියෝගයක් නිකුත් කරන මෙම රීට් පෙත්සමෙන් ඉල්ලා තිබේ.