SRILANKAN NEWS

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ දී ගිනි අවියක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත සිදු කළ වටලීමකින් ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ දී ගිනි අවියක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු සතුව තිබී රිවෝවර් වර්ගයේ ගිනි අවියක් සහ හිස් පතුරම් කොපි දෙකක් පොලිස් භාරයට ගෙන තිබේ. සැකකරු අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමට නියමිතයි.