SRILANKAN NEWS

විද්‍යා දැරිය ඝාතන නඩුවේ ලලිත් ජයසිංහට ඇප

යාපනය විද්‍යා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණවලදී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා දැඩි කොන්දෙසි සහිතව ඇප මත මුදා හැර තිබේ.

යාපනයේ ශිවලෝගනාදන් විද්‍යා සිසුවිය ඝාතනයේ ප්‍රධාන සැකකරු ස්විස් කුමාර් මුදා හැරීයේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණි. අදාළ නඩු විභාගය අද (13) යාපනය ඌර්කාවට්තුරයි මහේස්ත්‍රාත් එම්.එම්. රියාල් මහතා ඉදිරියේ විභාග කළ අතර, එහිදී ලලිත් ජයසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් ඔහුට ඇප ඉල්ලීම ඉදිරිපත් කළහ.

එහිදී ලලිත් ජෙයසිංහට රුපියල් ලක්‍ෂ තුනක මුදලක් සහ ලක්‍ෂ පහ බැගින් ශරීර ඇප හතරක් සමග ඇප ලබාදීමට නියෝග කළ අතර, සැකකරු විදෙස් ගතවීම තහනම් කර ඔහුගේ විදෙස් ගමන් බලපත්‍රය අධිකරණයට භාරදිය යුතු යැයි ද නියෝග කළේය.

තවද සෑම මාසයකම පළමු සඳුදා දින කොළඹ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තුමෙන්තුවට පැමිණ අත්සන් තැබිය යුතු බවද නියෝග කළේය.