SRILANKAN NEWS

වන විනාශය සිඳුවූ ප්‍රදේශවල නැවත රුක් රෝපණය සිඳුකරන්නැයි ඉල්ලීමක්..

කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ සැලසුමකින් තොරව වන විනාශයක් සිඳු කර ඇති වැඩි ගොඩදැමූ ප්‍රදේශවල යළි රුක් රෝපණය සිඳු කරන ලෙස පොදු සංවිධානවලින් ඉල්ලා තිබේ.

2009 වසරේ ජනතාව අවතැන්ව ගොස් සෙට්ටිකුලම් වැනි අවතැන් කඳවුරුවල සිටි කාලයේදී හමුදා කඳවුරු ඉදිකිරීමට සහ මාර්ග අලුත්වැඩියා කිරීමට ද විශාල වශයෙන් කැලෑවන් විනාශ කර එහි තිබූ වැලි ගොඩ දමා තිබුණි. එම ප්‍රදේශවල වනය විනාශවීමෙන් ගහ කොල විනාශයට පත්වූ අතර, තවඳුරටත් විනාශයට පත්වෙමින් තිබේ. අදාළ ප්‍රදේශවල වන නැවත වගා කිරීම කටයුතු සිදුකර නොමැත.

මේ හේතුවෙන් දිස්ත්‍රික්කය තුළ විශාල වශයෙන් වන විනාශයක් සිඳුව ඇති හෙයින් කිලිනොච්චිය දිස්ත්‍රික්ක ලේකම් කාර්‍යාලය අදාළ දෙපාර්තුමෙන්තු සමඟ එක්වී මෙම ප්‍රදේශවල යළි රැක් රෝපණ වැඩසටහනක් ආරම්භ කරන ලෙස පොදු සංවිධාන ඉල්ලා තිබේ.