SRILANKAN NEWS

යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් දෙදෙනාගේ මරණයට සම්බන්‍ධ පොලිස් නිලධාරින්ට ඇප

යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් දෙදෙනෙකුට වෙඩි තැබීමෙන් ඝාතනයට ලක්වූ සිද්ධියට සම්බන්‍ධව අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්‍ධනාගාර ගත කර සිටි පොලිස් නිලධාරින් පස් දෙනාට දැඩි කොන්දේසි මත ඇප ලබාදී තිබේ.

යාපනය මහධිකරණ විනිසුරු එම්. ඉලන්චෙලියන් මහතා ඉදිරියේ අදාල සැකකරුවන් විසින් ඇප ඉල්ලා ඉදිරිපත් කළ පෙත්සම විභාග කෙරුණි. දැඩි කොන්දේසි මත සැකකරුවන් නිදහස් කිරීමට තමන්ට කිසිඳු විරෝධතාවක් නැති බව රාජයේ නිතීඥ පාර්ශවය පැවැසීමෙන් අනතුරුව සැකකරුවන් ඇප ලබාදීමට නියෝග කළේය.

අදාළ සැකකරුවන් පස් දෙනා රුපියල් පනස් දාහක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට අවසර ලබා දෙන ලදි. තවද නඩුව පවත්වන කාල සීමාව තුළ විදේශ ගතවීම ද තහනම් කළ මහේස්ත්‍රාත්වරයා ගුවන් ගමන් බලපත්‍රය අධිකරණයට භාරදෙන ලෙස ද නියෝග කළේය.

ඒ අනුව, සැකරුවන්තා සෑම ඉරිදා දිනකම පෙරවරු 9 සිට 12 දක්වා වූ කාලය තුල කොලඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා කර අත්සන් තැබිය යුතු යැයි නියෝග කර තිබේ.