SRILANKAN NEWS

ශ‍්‍රී ලංකාව සහ බහරේනය අතර ද්විපාර්ශික සාකච්ඡා

මැදපෙරදිග රටවල සංචාරයක නිරත වන අධිකරණ හා විදේශ රැකියා ඇමතිනී තලතා අතුකෝරළ මහත්මිය බහරේන් කර්මාන්ත ත වාණිජ හා සංචාරක අමාත්‍ය මහතා හමු වී දෙරටට වැදගත් වන ක්ෂේත‍්‍ර සම්බන්ධව සාකච්ඡා පවත්වන ලදි.

ශ‍්‍රී ලාංකිකයින් සඳහා බහරේන්හි කර්මාන්ත අංශයන්හි රැකියා අවස්ථා ලබා ගැනීමට හැකියාව ඇති බවත් ඒ සඳහා පුහුණු ශ‍්‍රමිකයින් යොමු කිරීමේ වැඩසටහනක් කි‍්‍රයාත්මක කිරීමටත් එම සාකච්ඡාවේදී එකඟ විය.

බහරේනය සහ ශ‍්‍රී ලංකාව අතර සංචාරක ක්ෂේත‍්‍රයේ දියුණුව සඳහා අවශ්‍ය වැඩ පිළිවෙළ නව රජයෙන් ඇති කිරිමට අවශ්‍ය කරන පසුබිම ඇති වී තිබෙන බව සඳහන් අමාත්‍යවරිය ඒ සඳහා දෙරටේම නියෝජිතයින් සහයෝගය පල කිරීම ද මෙහිදී සාකච්ඡා වූ විශේෂ කරුණු වෙයි.

මෙම අවස්ථාවට විදේශ රැකියා අමාත්‍යංශයේ උපද්ශිකා පද්මිණී රත්නායක,බහරේන් ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලයේ තෙවන ලේකම් නිමල් ජයවීර යන මහත්ම මහත්මීන් එක්විය.