SPORTS SRILANKAN NEWS

නව ක්‍රිකට් තේරීම් කමිටුවට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය

ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුවට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ අනුමැතිය හිමිව තිබේ. ග්‍රැහැම් ලැබ්රෝයිගේ සභාපතීත්වයෙන් යුතු 05 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුවට අමාත්‍යවරයා අද (19) මෙලෙස අනුමැතිය ලබාදී තිබේ.

ලැබ්රෝයිට අමතරව අසංක ගුරුසිංහ, ගාමිණී වික්‍රමසිංහ, ජෙරී වව්ටර්ස් සහ සජිත් ප්‍රනාන්දු යන අය කමිටුවේ සෙසු සාමාජිකයින් වේ.