SRILANKAN NEWS

විදුලි වැඩ වර්ජනය අවසන්

දින 7ක් පුරා පැවති විදුලි වෘත්තීය සමිති ක‍්‍රියා මාර්ගය  ඊයේ (20) පැවති සාකච්ඡාවකින් අනතුරුව අවසන් කළබව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාතය රංජිත් සියඹලාපිටිය මහතා ප‍්‍රකාශ කර සිටි.

සේවක ඉල්ලීම් අනුව 13‍‍% හා 10‍% වැටුප් වැඩිවීමක් ලබාදිමට එකගතාවය පළ වී තිබේ.

අද දිනයේ සියලු දෙනාට සේවයට වාර්තා කරන ලෙස ඉල්ලා සිටින අතර මෙම වර්ජන අවස්ථාවේදී විදුලිය ලබාදිමට කැපවූ සියලුම දෙනාට අමාත්‍යරවයා  ස්තූතිය පුදකර සිටි. ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දින අටක් පුරා විදුලිබල මණ්ඩලයේ සේවකයෝ වැඩ වර්ජනයක නිරත වූහ.