SRILANKAN NEWS

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිළිබඳ අතුරු වාර්තාව අගමැති ඉදිරිපත් කරයි

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුව විසින් සකස් කරන ලද අතුරු වාර්තාව අද(21) පෙරවරුවේ එම කමිටුවේ සභාපති අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා ඇති කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය අද පෙරවරු 9.30 ට පාර්ලිමේන්තු සංකීර්ණයේ දී රැස් විය.

ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව මඟින් පත් කළ අනු කමිටු 6 හි වර්තා සහ මහජන අදහස් විමසීමේ ලාල් විජයනායක වාර්තාව පදනම් කරගෙන මෙම අතුරු වර්තාව සකස් කර තිබේ.

“මෙම වාර්තාවට කොමිටු සාමාජිකයන්ගේ යෝජනා ඇතුළත් වෙනවා. ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් විය යුතු බවට යෝජනා වී තිබෙනවා.බෙදා වෙන් කළ නොහැකි ශ්‍රී ලංකාවක් සඳහා සියලු සමාජිකයන් සූදානම්. බලය බෙදීමකටත් සූදානම්. අතුර්ය් වාර්තාව සාමූහික ප්‍රයත්නයක්. මෙය ඓතිහාසික අවස්ථාවක්. මේ වෙනස ශ්‍රි ලංකාවට මතු වාසනාවන්ත යුගයක් උදා වන බවද” අග්‍රාමාත්‍යවරයා වාර්තාව ඉදිරිපත් කරමින් පැවසී ය.

මෙම අතුරු වාර්තාව පසුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර, ඉන්පසුව අවසන් වාර්තාව සකස් කිරීමට නියමිත බව ද වාර්තා වේ.