SRILANKAN NEWS

අගමැතිගේ ප්‍රකාශයෙන් කම්පාවට පත්වනවා – අතුරුදන්වූවන්ගේ ඥාතීන් කනස්සල්ල පලකරයි..

බලහත්කාරයෙන් අතුරුදන් කිරීමෙන් සියළු දෙනා ආරක්‍ෂා කිරීම සම්බන්‍ධයෙන් ශ්‍රී ලංකාව විසින් පිළිගත් ජාත්‍යන්තර ගිවිසුම බලපාන්නේ අනාගතයට පමණක් බවත් එය අතීතයට නොවන් බවත්, එය මෙම වසරේ ඔක්තෝම්බර් මසට පසු ක්‍රියාත්මක වන බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශයෙන් තමන් දැඩි කම්පාවට හා රැවටීමට පත්වී සිටින බව අතුරුදන්වූවන්ගෙත් ඥාතීන් පවසා තිබේ.

අගමැතිවරයාගේ ප්‍රකාශ සම්බන්‍ධයෙන් කිලිනොච්චිය අතුරුදන්වූවන්ගේ ඥාතීන්ගේ සංගමයේ සම්බන්‍ධිකාරක කලාරන්චනී පවසා සිටියේ, යුද්දය පැවැති කාලයේ සහ යුද්දය අවසන් වූ පසු ද එනම් 2009ට පෙර සහ 2009 වසර හා එයට පසුද අතුරුදන්වූවන් බොහෝ පිරිසක් ශ්‍රී ලංකාව තුළ සිටිති.

එමෙන් එලෙස අතුරුදන්වූවන්ට යුක්තිය ඉල්ලා අප විසින් අඛණ්ඩ අරගලයක නිරතව සිටින්නෙමු. අතුරුදන්වූ අපගේ ඥාතීන් අතුරුදන්වූ කාලයට මෙම නීතිය වලංගු නොවන්නේ නම් අතුරුදන්වූ අප ඥාතීන්ගේ තත්වය කුමක්ද, ඔවුන්ට යුක්තිය ලැබෙන්නේ කේසේ දැයි ඇය ප්‍රශ්ණ කර තිබේ.

තවද අතුරුදන්වූවන්ට යුක්තිය, සාධාරණයක් ලැබීමට නම් එය අතීතයේ අතුරුදන්වූවන් වෙනුවෙන් තිබිය යුතු බවත්, අගමැතිවරයාගේ මෙම ප්‍රකාශ සම්බන්‍ධයෙන් දෙමළ ජනතා නියෝජිතයන් මෙතෙක් අදහස් ප්‍රකාශ නොකර සිටීම ගැන ද තමන් දැඩි ලෙස කණගාටුවට පත්වන බව ඇය වැඩිදුරටත් පවසා තිබේ.