SRILANKAN NEWS

කලා නිර්මාණවලට රු. ලක්‍ෂ පහක බදු සහනයක්..

නව බදු පනත යටතේ කලාකරුවන්න්ගේට සහනයක් සැලසෙන බව මුදල් අමාත්‍යංශය පවසයි.

ඒ පිළිබදව සදහන් කරමින් මුදල් අමාත්‍යංශය පෙන්වා දී ඇත්තේ කලාකරුවන්ගේ නිර්මාණවලින් ලැබෙන ලාභයට වාර්ෂිකව රුපියල් ලක්ෂ 5 දක්වා බදු සහනයක් හිමිවන බවයි.

තම නිර්මාණ වෙනුවෙන් සිදුකළ යුතු ගෙවීම් සහ කතෘ භාග පිරිවැයවලින් අනතුරුව එම නිර්මාණවලින් ලබන ශුද්ධ ලාභය රුපියල් ලක්ෂ 5 දක්වා ආදායම් බදුවලින් නිදහස් කෙරෙනු ඇති බව පෙන්වා දෙන අමාත්‍යංශය තනි පුද්ගල ආයතන සහ පෞද්ගලික ආදායම් සඳහා ද වාර්ෂික ලාභයෙන් රුපියල් ලක්ෂ 5 දක්වා බදු සහන හිමිවන බව නිවේදනයක් මගින් දැනුම් දී ඇත. ඒ අනුව මෙම නව සහන ලබන වසරේ අප්‍රේල් පළමු වනදා සිට ක්‍රියාත්මකය.