SRILANKAN NEWS

සිවාජිලිංගම් ජිනීවාවල කළ ප්‍රකාශය පෙර සිට කරන ලද කුමන්ත‍්‍රණයක ප‍්‍රතිඵලයක් – ඒකාබද්ධ විපක්‍ෂය

උතුරු පළාත් සභා මන්ත‍්‍රී එම්.කේ. සිවාජිලිංගම් ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලය හමුවේ ශ‍්‍රී ලංකාවට එරෙහිව අදහස් දැක්වීම පෙර සිට කරන ලද කුමන්ත‍්‍රණයක ප‍්‍රතිඵලයක් බව ඒකාබද්ධ විපක්ෂය පවසා තිබේ.

ශ‍්‍රී ලංකා රජයේ හමුදා යුද අපරාධ සිදු කර ඇති බවට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා කළ ප‍්‍රකාශයෙන් පැහැදිලි වන බව සිවාජිලිංගම් මන්ත‍්‍රීවරයා මානව හිමිකම් කවුන්සිලයේ දී ප‍්‍රකාශ කර තිබේ.

එබැවින් මේ සම්බන්ධ පරීක්ෂණ සඳහා ජාත්‍යන්තර අධිකරණයක අවශ්‍යතාව පවතින බවත්, 2015 වසරේ සැප්තැම්බර් මාසයේ ශ‍්‍රී ලංකා රජය මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ යෝජනාවලියට අදාළව ද මෙතෙක් කිසිදු ප‍්‍රතිචාරයක් ලැබී නොමැති බවද සිවාජිලිංගම් වැඩිදුරටත් පවසා තිබේ.

ඔහුගේ මෙම ප‍්‍රකාශය රටට ඉතා අහිතකර බවත්, මෙතෙක් ඔප්පු කර ගැනීමට නොහැකි වූ චෝදනා දැන් ඔප්පු කර ගැනීමට ජාත්‍යන්තරයට අවස්ථාවක් උදාවී ඇති අතර, සිවාජිලිංගම්ගේ ප‍්‍රකාශයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද අනතුරකට ඇද දමා ඇතැයි උදය ගම්මන්පිල මන්ත‍්‍රීවරයා පවසා තිබේ.