SRILANKAN NEWS

ශ්‍රී ලංකාව අනාගමික රටක් ලෙස ප්‍රකාශනයට පත්කිරීම පිළිගත නොහැක – පලනි දිගාම්බරම්

ශ්‍රී ලංකාව අනාගමික රටක් ලෙස ප්‍රකාශනයට පත්කිරීම පිළිගත නොහැකි බව අමාත්‍ය පලනි දිගාම්බරම් මහතා පවසයි.

ශ්‍රී ලංකාව අනාගමික රාජ්‍යයක්‌ විය යුතු බවටත්, උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කළ යුතු බවටත් හඬ නඟමින්. දෙමළ ජාතික සන්ධානය ගෙන යන ප්‍රචාරය පිළිගත නොහැකි බවත්, තමා එයට එක හෙළා විරුද්ධත්වය ප්‍රකාශ කරන බවද හෙතෙම පවසා තිබේ.

ඒකීය රාජ්‍යයක්‌ තුළ බලය බෙදීමට තමන් විරුද්ධ නොවන බවත්, ඒ සම්බන්ධයෙන් නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව තුළ ඇති අන්තර්ගතයට තමා හිස නමන බවත් හෙතෙම පවසා තිබේ.