SRILANKAN NEWS

කුර්දිස්තාන් ජනමත විචාරණය ඊළාම් දෙමළ ජනතාවට ජවයක් ලබාදී තිබෙනවා – වී. රුද්‍රකුමාරන්

කුර්දිස්තාන් ප්‍රාන්ත ජනතාවගේ ජනමත විචාරණය, ස්වයං නිර්ණ අයිතිය වෙනුවෙන් අරගලයෙහි නරතව සිටින ඊළාම් දෙමළ ජනතාව අලුත් විශ්වාසයක් හා ජවයක් ලබාදී ඇති බව රටින් එපිට ඊළාම් රජයෙහි අගමැති යැයි කියන වී. රුද්‍රකුමාරන් පවසයි.

ඉරාකයේ ස්වයං පාලන ප්‍රාන්තයක් වන කුර්දිස්තානයේ ජනතාව සිය තනි රටක් සඳහා වූ ජනමත විචාරණය පසුගිය ඉරිදා දින පවත්වා තිබුණි. ඉරාකය, තුරුක්කිය, සහ සිරියාව වැනි රටවල්හි දැඩි බලපෑම් මැද ජයග්‍රාහි ලෙස ජනමත විචාරණයක් පවත්වා තිබේ.

මේ සම්බන්‍ධයෙන් කුර්දිස්තාන් නාළිකාවකට අදහස් ප්‍රකාශ කරමින් රුද්‍රකුමාරන් මේ බව පවසා තිබේ.

තවද දෙමළ ඊළම ඇතුලත් වන සියළු විසඳුම් සහිත සිය දේශපාලන අනාගතය ගැන ඔවුන් තෝරා ගන්නා අයිතිය භාවිතා කරන අයුරින් ඊළාම් දෙමළ ජනතාව අතර ජනමත විචාරණයක් පැවැත්විය යුතුයි යන්න ප්‍රධාන කටයුත්ත වී ඇති බව හෙතෙම පවසා තිබේ.

ශ්‍රී ලංකාවේ උතුර නැගෙනහිර පළාත්වල නීත්‍යානුකූලව ජීවත් වන ජනතාව අතර සහ දෙමළ ඊළම කෙරෙහි ශ්‍රී ලංකාවට පිටත ජීවත්වන දෙමළ ජනතාව අතර ද ජනමත විචාරණයක් පැවැත්විය යුතු යැයි ඔහු පවසා තිබේ.

මෙවැනි තත්වයකදී කුර්දිස්තාන් ජනතාවගේ තනි රටක් සඳහා වූ ජනමත විචාරණය ඊළාම් දෙමළ ජනතාවට අලුත් විශ්වාසයක් හා ජවයක් ද ලබාදී ඇති බව ඔහු වැඩිදුරටත් පවසා තිබේ.