SRILANKAN NEWS

පුන්කුඩුතිව් විද්‍යා දැරියගේ ඝාතන නඩුව – චූදිතයන් 7කට මරණ දඞුවම – දැරියගේ පවුලට මිලියන බැගින් වන්දියක්

පුන්කුඩුතිව් විද්‍යා දැරියගේ ඝාතනයට සම්බන්‍ධ චූදිතයන් හත් දෙනෙකුට මරණ දඞුවම සමඟ වසර 30ක බරපතල වැඩ සහිත සිරදඞුවම් ද නියම කළ විනිසුරු මඩුල්ල රුපිලය් 40 දාහත්, 75 දාහත් අතර දඩ මුදලක් ගෙවන ලෙස ද නියෝග කළේය.

තවද මියගිය විද්‍යා දැරියගේ පවුලට රුපියල් මිලයනය බැගින් වනදි මුදලක් ගෙවන ලෙස ද චූදියන්ට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද දින නයම කළේය.

යාපනය මහධිකරණයේදී නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු මඩුල්ල 1වන සහ 7වන සැකකරුවන් චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට ද නියෝග කර තිබේ.

02) විද්‍යා දැරියගේ ඝාතන නඩුව – හත් දෙනෙකුට එරෙහි චෝදනා ඔප්පුවී ඇති බවට තීන්දු කරයි..

යාපනය, පුන්කුඩුතිව් විද්‍යා දැරිය ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්‍ධ නඩුවේ, හත් දෙනෙකුට එරෙහි චෝදනා ඔප්පුවී ඇති බව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් අද දින තීන්දු කර තිබේ.

එහිදී 2වන, 3වන, 5වන, සහ 6වන චූදිතයන් වන පූපාලසිංගම් ජෙයකුමාර්, පූපාලසිංගම් තවක්කුමාර්, තිල්ලයිනාදන් චන්දිරකාසන්, සිවදේවන් තුෂාන්දන් යන පිරිස, සමූහ දූෂණය හා ඝාතනය කිරීමට යන චෝදනාව සම්බන්‍ධයෙන් අපරාධකරුවන් බවට හඳුනාගෙන තිබේ.

2වන, 3වන, 4වන, 5වන, 6වන, 8වන, සහ 9වන චූදිතයන් වූ පූපාලසිංගම් ජෙයකුමාර්, පූබාලසිංගම් තවක්කුමාර්, මහාලිංගම් සසීන්දරන්, තිල්ලයිනාදන් චන්දිරකාසන්, සිවදේවන් තුෂාන්දන්, ජයදරන් කෝකිලන්, මහාලිංගම් සසිකුමාර්, යන පිරිසට එරෙහිව අපරාධයක් සිඳුකිරීමට සැලසුම් කිරීමේ වරද ඔප්පුවී තිබේ.

මීට පෙරදී, පළමු සහ හත්වන චූදිතයන්ට එරෙහි චෝදනාවන් ඔප්පු කිරීමට නොහැකිවූ බව පවසා තිබීම විශේෂත්වයකි.

01) විද්‍යා දැරියගේ ඝාතන නඩුවේ තීන්දුව අද

සිවලෝගනාදන් විද්‍යා ඝාතන නඩුවේ තීන්දුව අද ලබාදීමට නියමිතය. යාපනය මහාධිකරණ භූමියේ ආරක්ෂාව වෙනුවෙන් පොලීසියේ සහ විශේෂකාර්ය බලකායේ කණ්ඩායම් යොදවා තිබේ.

ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් යාපනය මහාධිකරණයේදී මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන අතර, සැකකරුවන් සියළු දෙනා දැඩි ආරක්‍ෂාව මැද අධිකරණයට රැගෙන ඒමට කටයුතු යොදා තිබේ.

මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂි මහේන්ද්‍රන් මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම ත්‍රිපුද්ගල කමිටුවේ සෙසු සාමාජිකයින් වන්නේ අන්නලිංගම් ප්‍රේමශංකර් මානික්‍යවාසගර් ඉලන්චෙලියන් යන මහත්වරුනුයි. කොළඹින් බැහැරව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විභාගයට ගත් පළමු නඩුව මෙයවීමද විශේෂත්වයකි.

මේ අතර, යාපනය පුන්කුඩුතිව් දැරියගේ මව ද යාපනය මහධිකරණය වෙත කැඳවා තිබේ. අද දින ලබාදෙන නඩු තීන්දුව තම දුවගේ මරණයට ලැබුණු යුක්තිය ලෙස පමණක් නොව, මෙවැනි තත්වයක් අනාගතයේදී වෙනත් කිසිඳු මවකුට විදිමට නොවන අයුරින් තිබියි යුතු යැයි ඇය ඉල්ලා තිබේ. එවැනි බලාපොරොත්තුවක් සමඟ විද්‍යා දැරියගේ මව හැඩු කඳුලින් යුතුව අධිකරණයට පැමිණ සිටියි.

යාපනයේ පුන්කුඩුතිව් විද්‍යාලයේ ඉගෙන ගත් සිවලෝගනාදන් විද්‍යා දැරිය සමූහ දූෂණයට ලක්ව ඝාතනය කෙරෙන්නේ 2015 මැයි 13 වනදා. දැරිය පැහැරගෙන යාමට කුමන්ත්‍රණය කිරීම, සමූහ ස්ත්‍රී දූෂණයකට කුමන්ත්‍රණය කිරීම, මිනී මැරීමට කුමන්ත්‍රණය කිරීම, අයුතු ජනරාශිය ඇතුළු චෝදනා හතළිස් එකක් යටතේ විත්තිකරුවන් නව දෙනෙකුට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ.