SRILANKAN NEWS

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නියෝජිතයින් පිරිසක් අමෙරිකාවේ සංචාරයක

කතානායක කරු ජයසූරිය මහතා ඇතුලු නියෝජිතයින් පිරිසක් මේ වන විට අමෙරිකාවේ අධ්‍යන චාරිකවක නිරත වෙමින් සිටිති. නිමල් සිරිපාල ද සිල්වා, පාලිත රංගේ බණ්ඩාර, යන අමාත්‍යවරුන්ද, චන්ද්‍රානි බණ්ඩාර අමාත්‍යවරියද මෙම කණ්ඩායම නියෝජනය කරති.

එමෙන්ම දෙමල් ජාතික සන්ධානයේ එම. ඒ සුමන්තිරන්, ජනතා විමුක්ති පෙරමුනේ විජිත හේරත්, ඒකාබද්ධ විපක්ෂයේ කුමාර වෙල්ගම යන මන්ත්‍රීවරුන්ද මෙම චාරිකාවට එක්ව සිටිති.

මුදල් හා වෙළදාම පිලිබද මෙහිදී විශේෂ සාකච්ඡාවක් පැවැත්විනි. ඊට අමෙරිකානු කොන්ග්‍රසයේ වෙළදාම් පිලිබද ප්‍රධානී gwen moor මහතා සහභාගී විය.

රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බන්ඩාර මහතා සදහන් කලේ ශ්‍රී ලංකාවේ පිහිටීම අනුව වඩාත් ප්‍රතිඵල දායක අයෝජනයන්න්ට අවතීර්ණ වීම සම්බන්ධයෙන් ඔහු කරුණු පැහැදිලි කල බවයි.

කොංග්‍රසයේ ජාත්‍යන්තර කටයුතු පිලිබද සභාපති ted.s. yoho මහතා සමග පැවති සාකච්ඡාව ඉතා වැදගත් වූ බවද රංගේ බණ්ඩාර මහතා පැවසීය.

වත්මන් ශ්‍රී ලන්කාව වඩාත් යහපත් දිශාවකට යොමු වී ඇති බවත්, ලෝකයම දිනස් ගනිමින් ඉදිරි ගමන සැලසුම් කිරීමට සමත් වී ඇති බවත් ඔහු පැහැදිලිව කියා සිටි බවද අමාත්‍යවරයා කියා සිටියේය. එමෙන්ම ශ්‍රී ලංකාවේ නිලධාරීන්ට විශේෂ පුහුණු අවස්ථා ලබා දීමටත් සංවර්ධන කටයුතු සදහා අධාර ලබා දීමටත් ඔහු එකගතාව පල කර ඇත.

ශ්‍රී ලංකා නියෝජිත පිරිස එරට පාර්ලිමේන්තුව නැරඹීමටද සහභාගී වූහ. එමෙන්ම එහිදී ව්‍යවස්ථා සමපාදනය පිලිබද විශේෂ වැඩමුලුවකට සහභාගී වීමටද අවස්ථාව ලැබී තිබේ.

ලබන මස 02වනදා දක්වා මෙම අධ්‍යන චාරිකාව සිදු කෙරේ.