SRILANKAN NEWS

පුන්කුඩුතිව් විද්‍යා දැරියගේ ඝාතනය – නඩු තීන්දුවට එරෙහිව චූදිතයන්ගෙන් අභියාචනයක්!

ශිවලෝගනාදන් විද්‍යා දැරිය ඝාතනය කිරීම සම්බන්ධ ඊයේ ලබාදුන් නඩු තීන්දුවට එරෙහිව දින 14ක් අතුළත අභියාචනයක් ඉදිරිපත් කරන බව එහි විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මහින්ද ජයවර්ධන මහතා පවසයි.

ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ලබාදුන් නඩු තීන්දුවෙන් අනතුරුව ඊයේ (27) සවස අධිකරණ සංකීර්ණය ඉදිරිපිටදී අදහස් දක්වමින් ජයවර්ධන මහතා එලෙස ප්‍රකාශකළේය.

විද්‍ය ඝාතනය සිදුවීම ජනමාධ්යයද නිසියාකාරව කටයුතු නොකළ බව ද ජයවර්ධන මහතා සදහන් කළේය.

ජයවර්ධන මහතා පැවසුවේ අපරාධය සිදු කර ඇත්තේ වෙනත් පුද්ගලයකු බවත්, දඬුවම් නියම වූ විත්තිකරුවන් ඊට සම්බන්ධ නැති බවයි.

නඩු තීන්දුව ප්‍රකාශයට පත් කර දඬුවම් නියම කිරීමට පෙර පෙර ස්විස් කුමාර් ඇතුළු විත්තිකරුවන් පැවසූවේ තමන් වරද සිදුනොකළ අතර, තමන් වරදට නිවැරදිකරුවන් වන බවත් නියම වැරදීකරුවන් කවුරුන් දැයි ඔප්පුවනු ඇති බවයි.

කෙසේවුවද, ශිවලෝගනාදන් විද්‍යා දැරිය අපයෝජනය කර ඝාතනය කිරීම අපරාධ කල්ලි සමඟ එක්ව සැළසුම් සහගතව සිදුකොට ඇති බව යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලන්චේලියන් මහතා ඊයේ තීන්දුව ප්‍රකාශකරමින් පැවසීය.

විද්‍යා ඝාතනය සැලසුම් සහගතව සිදු කර ඇති බවත්, ස්විස්කුමාර් නම් විත්තිකරු අන්තර්ජාතික මාෆියා කල්ලියක් සමඟ ඇති කර ගත් ගිවිසුමක් අනුව දැරියක අපයෝජනය කරන වීඩියෝවක් සැකසීමේ සැලැසුමකට අනුව මේ ඝාතනය සිදුකොට ඇති බවත් විනිසුරුවරයා එහිදී පවසා ඇත.