SRILANKAN NEWS

නැවත රාජපක්‍ෂ යුගයක් ඇති කිරීමට බැසිල් උතුරට…

කිලිනොච්චියේ සංචාරයක නිරතවූ හිටපු ආර්ථික සංවර්ධන කටයුතු ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා වෙත අතුරුදන්වූවන්ගේ ඥාතියෙකු හැඞු කඳුලින් යුතුව තම දරුවාව සොයා දෙන ලෙස ඉල්ලා තිබේ. ඊයේ (29) දින මුල්ලතිව් සහ කිලිනොච්චිය ප්‍රදේශයේ සංචාරයක නිරතවූ බැසිල් රාජපක්‍ෂ මහතා වෙත මෙම ඉල්ලීම ඉදිරිපත් කර තිබේ.

මුරිකන්ඩි පිල්ලයාර් කෝවිලේ පැවැති විශේෂ පූජාවකට සහභාගිවූ බැසිල් රාජපක්‍ෂ මහතා ජනතාව හමුවී සාකච්ඡාවකද නිරතවූහ.

මේ අතර, අද දින බැසිල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනයේදී දේශපාලන හමුවීම් කිහිපයක් පැවැත්වීමට නියමිත බවද පැවැසේ. අද සහ හෙට දින යාපනයේ රැදී සිටින ඔහු පොදු උත්සව කිහිපයකට සහභාගිවීමට නියමිත බවද වාර්තාවේ.