SRILANKAN NEWS

මියන්මාර සරණගතයන්ට එරෙහි විරෝධය පිටුපස ස්ත්‍රී දූෂකයන් – ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය

මියන්මාර සරණාගතයන්ට හිරිහැර කරමින් කළහකාරි ලෙස හැසිරීමේ සිද්ධියට පිටුපස මියන්මාර් සරණාගත කාන්තාවක් දුෂණය කොට වැඩ තහනමට ලක් වූ පොලිස් නිලධාරියාගේ ඥාතීන් හා මිතුරන් සම්බන්‍ධ බවත්, ගල්කිස්ස උද්ඝෝෂණය සංවිධානය කළ පුද්ගලයාට එරෙහිව ඇප කොන්දේසි උල්ලංඝණය කිරීම පිළිබද පැමිණිලි 6 ක් ඇති අතර, එම පුද්ගලයාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක නොවන්නේ ඇයි? ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍යේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් මහතා විසින් ප්‍රශ්ණ කර තිබේ.

රජිත් කීර්ති තෙන්නකෝන් මහතා විසින් ‘නීතිය හා සාමය අමාත්‍යාංශයේ‘ ලේකම් යවා ඇති ලිපිය පහතින් දැක්වේ.

ජගත් විජේවීර මහතා,
ලේකම්,
නීතිය හා සාමය පිළිබද අමත්‍යාංශය,
බත්තරමුල්ල.

මහත්මාණෙනි,

මිරිහාන රැදවුම් භාරයේ සිටි මියන්මාර් සරණාගතයෙකු දුෂණයට ලක් කිරීම හා ගල්කිස්ස ප්‍රදේශයේ දී එම පිරිසට බිය ගන්වා පළවා හැරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම

2017 ජූනි 19 දින මිරිහාන රැදවුම් කදවුරේ රැකවරණය ලබා සිටි සරණාගතයෙකු පොලිස් කොස්තාපල්වරයෙකු විසින් දුෂණය කිරීම සම්බන්ධයෙන් නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයේ අංක B/2030/17 දරණ නඩුකරයක් විභාග වෙමින් පවතී. එයට සම්බන්ධ පොලිස් නිලධාරියා වැඩ තහනමට ලක් කොට ඇත.

ඔබතුමන් හොදින්ම දන්වා පරිදි මිරිහාන කදවුරෙන් බාහිරව වෙනත් ස්ථානයක මෙම පිරිස රැදවීම සදහා අධිකරණය අගෝ. 8 දින නියෝග කොට ඇත්තේ ලිංගික අතවර සිදුවීම ද සලකාය.

September 26 දින මෙම මියන්මාර් සරණාගතයින් වහා රටින් පිටුවහල් කරන ලෙසත් පිරිසක් ගල්කිස්සේ ඔවුන් නැවතී සිටි ස්ථානයේ දී ප්‍ර‍චණ්ඩ උද්ඝෝෂණයක නිරත විය. එම උද්ඝෝෂකයින් සමග පැමිණි පිරිස අතර ස්ත්‍රී දුෂණ චෝදනා එල්ල වී ඇති පොලිස් නිලධාරියාගේ ඥාතීන් හා හිතවතුන් ද විය.

එම උද්ඝෝෂණයට නායකත්වය ලබාදුන් පුද්ගලයින් අතර, කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාගවන අංක බී/3720/2016 දරණ නඩුවේ ඇප කොන්දේසි උල්ලංඝණය කළ අය ද විය. පොලිස් මුලස්ථානයේ සහන මැදිරියට මොහු පිළිබදව අංක CIB II 22/91, CIB II 22/91, CIB III 63/15, CIB III 60/14, CIB III 66/16, CIB III/22/15 දරණ පැමිණිලි ඉදිරිපත් කොට ඇත.

එක්සත් ජාතීන්ගේ භාරයේ සිටි, අධිකරණ නියෝගය මත පොලිස් රැකවරණ ලැබිය යුතු පිරිසකට ලිංගික හිංසනයක් කළ පුද්ගලයෙකු තමන්ට එරෙහි සාක්ෂි ලංකාවෙන් ඉවත් කර ගැනීම සදහා ජනතා කැලඹීමක් ඇති කර ඇත. ඒ සදහා ඇප කොන්දේසි උල්ලංඝණය කරමින් පිරිසක් නායකත්වය ලබා දී ඇත. එක්සත් ජාතීන් යටතේ සිටි සරණාගතයන් පිරිසකට බාධා කිරීම මනුෂ්‍යත්වයට නොගැලපෙන ක්‍රියාවක් පමණක් නොව රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් ශ්‍රී ලංකාවට දැඩි බලපෑම් එල්ල විය හැකි තත්වයකි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෝ විශේෂ පොලිස් ඒකකයක් මගින් ගල්කිස්ස දී සරණාගතයින් ට හිරිහැර කළ පුද්ගලයින් හා එම සරණාගතයින් දුෂණය කල පුද්ගලයා අතර ඇති සබදතාව පිළිබද දේශීය හා ජාත්‍යන්තර වශයෙන් පිළිගත හැකි විමර්ශනයක් සිදු කරන ලෙස කාරුණිකව ඉල්ලමි.

මෙයට විශ්වාසී,

කීර්ති තෙන්නකෝන්
විධායක අධ්‍යක්ෂ/ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය

1. ගරු අධිකරණ ඇමතිතුමිය
2. පොලිස්පතිතුමා
3. ආගමන විගමන පාලක
4. අතිරේක ලේකම්/ආරක්ෂක අමාත්‍යාංශය