SRILANKAN NEWS

හංවැල්ල ගොඩපරගොඩැල්ල බෞද්ධ මධ්‍යස්ථානයේ දී පැවැති ඩෙංගු මර්ධන වැඩසටහන

හංවැල්ල ගොඩපරගොඩැල්ල බෞද්ධ මධ්‍යස්ථානයේ දී අද (3) දින ඩෙංගු මර්ධනය හා ශ්‍රමදාන වැඩසටහනක් සංවිධානය කර තිබුණි.

හංවැල්ල ගොඩපරගොඩැල්ල බෞද්ධ මධ්‍යස්ථානයේ අවට පරිසරය හා මාර්ගය පිළිසකර කිරීමේ ඉකුත් වැඩසටහන සර්වෝදය සමිතිය විසින් සංවිධානය කර තිබූ අතර, ඩෙංගු මර්ධනය හා පරිසරය සුරැකීම පිළිබඳව පැමිණ සිටි රාජ්‍ය නිලධාරින් ප්‍රදේශවාසීන් වෙත කරුණු පැහැදිළි කළහ.

මෙම අවස්ථාවට ගොඩපරගොඩැල්ල බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති පූජ්‍ය මකුරුප්පේ ධම්මරතන හිමි, සීතාවක ප්‍රාදේශිය ලේකම්තුමිය කේ.එස්. දිල්හානි, ග්‍රාම සේවා නිලධාරි ඩී.පි.ඩී. වනිගසූරිය, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනි එච්.ඩී. ස්වර්ණලතා, කෘෂිකර්ම පරිසරික නිලධාරි ලලනි සුරවීර, හංවැල්ල පොලිස් ස්ථානාධිපති, සෞඛ්‍ය පරීක්‍ෂක නිළධාරි, සර්වෝදය සමිතියේ නිලධාරින් මණ්ඩලය, හංවැල්ල අල් මිස්බාහ් සුබ සාධක සංගමයේ ෆර්සාන් සහ අර්ෂද් යන නිලධාරින් ඇතුළු ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගිවූහ.

Image may contain: 1 person, smiling

Image may contain: 5 people

Image may contain: one or more people and people sitting