SRILANKAN NEWS

දේශපාලන සිරකරුවන්ට සහාය පළ කර හෙට දින යාපනයේ උද්ඝෝෂණයක්..

දේශපාලන සිරකරුවන්ගේ නිදහස අවධාරනය කර, අඛණ්ඩ සත්‍යග්‍රහයක නිරතව සිටින දේශපාලන සිරකරුවන්ට සහාය පළ කර හෙට (4) දින යාපනය විශ්ව විද්‍යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වීමට නියමිත බව වාර්තාවේ.

යාපනය විශ්ව විද්‍යාලය ඉදිරිපිට පෙරවරු 10සිට 11දක්වා උද්ඝෝෂණය පැවැත්වේ. දේශපාලන සිරකරුවන්ගේ ඥාතීන්, අතුරුදන්වූවන්ගේ ඥාතීන්, සරසවි ශිෂ්‍ය සංගමය, සහ පොදු සංවිධානවල නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් මෙම උද්ඝෝෂණය පවත්වන බව පැවැසේ.