SRILANKAN NEWS

පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ දී නීති විරෝධී ලෙස ගිනිඅවි නිපැදවූ පුද්ගලයෙකු අත්අඩංගුවට

මුල්ලතිව්, පුදුකුඩිඉරුප්පු ප්‍රදේශයේ දී නීති විරෝධී ලෙස බඳින තුවක්කු නිපැදවූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසයට ලැබුණු රහසිගත තොරතුරකට අනුව මුල්ලතිව් දිස්ත්‍රික්ක නියෝජ්‍ය පොලිස්පති මහේෂ් වැලිකන්න මහතාගේ මෙහයවීමෙන් සිඳු කළ වැටලීමකින් අනතුරුව ගිනිඅවි ජාවාරම සිඳුකළ නිවසේ අයිතිකරුව අත්අඩංගුවට ගෙන ඇති අතර, අනෙකුත් සැකකරුවන්ව සෙවීමේ මෙහෙයුමද ආරම්භ කර තිබේ.

එහිදි, බඳින තුවක්කු 07 ක්, කඩන තුවක්කු 03 ක්, බඳින තුවක්කු හා කඩන තුවක්කුවලට යොදන පතොරම් 2000 ක්, පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකක් ඇතුලු තුවක්කු සාදන උපකරණ තොගයක්ද අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.

පුදුකුඩිඉරුප්පු පොලිසිය විසින් වැඩිදුර පරීක්‍ෂණ කටයුතු ආරම්භ කර තිබේ.