SRILANKAN NEWS

උතුර නැගෙනහිර ඒකාබද්ධ කිරීමේ උත්සහය පරාජය කරනවා – ජයන්ත වීරසේකර

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ, උතුර හා නැගෙනහිර ඒකාබද්ධ කිරීමට උත්සහ කරන්නේ නම් එයට එරෙහිව දැවැන්ත විරෝධතා පවත්වන බව නැගෙනහිර ජනතා ව්‍යාපාරයේ නායක හා ජාතික නිදහස් පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී ජයන්ත වීරසේකර මහතා පවසයි.

දෙමළ ජාතික සන්ධානයේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා වූ යෝජනාවෙහි උතුර, නැගෙනහිර ඒකාබද්ධ කිරීම, ආණ්ඩුකාරවරයාගේ බලතල අඩුකිරීම, පළාත් භාර පොලිස්පතිවරුන් සහ ආණ්ඩුකාරවරුන් මහ ඇමැතිවරයාට වගකීම වැනි කරුණු රැසක් ඉදිරිපත් කර තිබේ.

මෙම යෝජනා සියල්ල බෙදුම්වාදයට මගපාදන බවත් එයට දැඩි විරෝධය පළ කරන අතර, උතුර නැගෙනහිර ඒකාබද්ධ කිරීම ශ්‍රී ලංකාවේ වෙසෙන දෙමළ, මුස්ලිම් හා සිංහල ජනතාව තීරණය කළ යුතු බවත් ඇමරිකාව හෝ ඩයස්පෝරා දෙමළ සංවිධාන තීරණය කළ නොහැකි බවද හෙතෙම පෙන්වාදී තිබේ.