SRILANKAN NEWS

නාමල් රාජපක්‍ෂ ඇතුළු හය දෙනා ලබන 16 වනදා දක්වා රක්‍ෂිත බන්‍ධනාගාරයට

අධිකරණ නියෝග කඩ කරමින් හම්බන්තොටදී උද්ඝෝෂණයක නිරත වීම හා කළහකාරි ලෙස හැසිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් නාමල් රාජපක්‍ෂ , ඩී වී චානක , ප්‍රසන්න රණවීර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුලු 6දෙනෙකු ලබන 16 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හම්බන්තොට දිසා විනිසුරු මංජුල කරුණාරත්න මහතා නියෝග කර තිබේ.

අධිකරණ තහනම් නියෝගය කඩකරමින් නාමල් රාජපක්‍ෂ මහතා ඇතුලු පිරිසක් පසුගිය දා හම්බන්තොට ප්‍රදේශයේ දී උද්ඝෝෂණයක නිරතවූහ. මේ පිළිබඳ කරුණු දැක්වීම සඳහා නාමල් රාජපක්ෂ මහතා ඇතුලු පිරිසට පොලීසියට පැමිණෙන ලෙස කැඳවා තිබූ අතර, ඊයේ (10) පස්වරුවේ හම්බන්තොට පොලිසියට පැමි‍ණීමෙන් පසු අත්අඩංගුවට ගෙන රාත්‍රී 10ට පමණ මහේස්ත්‍රාත් නිල නිවසට ඉදිරිපත් කැරිණි.

අධිකරණ නියෝග කඩ කිරීම, කලහ කාරී ලෙස හැසිරීම, පොදු දේපළවලට අලභ හානි කිරීම, පොලිස් නිලධාරීන්ට පහරදීම සහ පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනා යටතේ මොවුන් අත් අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.