SRILANKAN NEWS

සිරකරුවන්ගේ නිදහස වෙනුවෙන් ලබන සිකුරාදා උතුරේ හර්තාල් ව්‍යාපාරයක්..

අනුරාධපුර බන්‍ධනාගාරයේ ආහාර වර්ජනයක නිරතව සිටින සිරකරුවන්ගේ ඉල්ලීම ඉටුකරන ලෙසත්, දේශපාලන සිරකරුවන් සියළු දෙනා නිදහස් කළ යුතු යැයි අවධාරණය කර ලබන සිකුරාදා (13-10-2017) දින උතුරු පළාතේ පූර්ණ හර්තාල් ව්‍යාපාරයක් සහ පෙරවරු 9.30ට උතුරු පළාත් ආණ්ඩුකාර කාර්‍යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් ද පැවැත්වීමට තීරණය කර තිබේ.

දෙමළ දේශපාලන සිරකරුවන්ට ස්ථීර නිදහසක් ලැබෙන තෙක් අපි නිහඞ නොවන්නෙමු යන පුවත මෙම රටේ ආණ්ඩුවට හා රජයට පක්‍ෂව කටයුතු කරන දෙමළ පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන්, මෙයට සම්බන්‍ධ සියළු පාර්ශවයන් වෙත දැඩිව පෙන්වාදීම සඳහා ලබන සිකුරාදා දින පෙරවරු 9.30ට ආණ්ඩුකාර කාර්‍යාලය ඉදිරිපිට එක්රැස්වෙමු යැයි පවසා තිබේ.

උතුරු පළාතේ ක්‍රියාත්මක වන පොදු සංවිධාන එක්ව මෙම උද්ඝෝෂණයට ඇරයුම් කර තිබේ.

දෙමළ මහජන සභාව
යාපනය සරසවි ගුරු සංගමය
ශ්‍රී ලංකා ගුරු සංගමය
දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම සඳහා වූ ජාතික ව්‍යාපාරය
උතුරු පළාත් නව විදුහල්පති සංගමය
යාපනය සරසවියේ සේවක සංගමය
සමාජ විද්‍යා පරීක්‍ෂණ සංගමය
ග්‍රාමීය කම්කරුවන්ගේ සංගමය
සමාජ නීතිය සඳහා වූ මහජන ව්‍යාපාරය
දෙමළ ජනතා ජීවන අයිතිය සඳහා වූ ක්‍රියාකාරි සංසදය
වලිගාමම් උතුර නැවැත පදිංචිය හා පුනරුත්ථාපන කමිටුව
යාපනය ඉකොනොමිස්ට් සංගමය
දෙමළ ජාතික ජනතා පෙරමුණ
ඊළ මක්කල් විප්ලවවාදී විමුක්ති පෙරමුණ
නව ප්‍රජාතාන්ත්‍රික මාක්සිස ලෙනින් පක්‍ෂය
ප්‍රජාතාන්ත්‍රික ජනතා විමුක්ති පෙරමුණ
දෙමළ සිවිල් සමාජ සංසඳය
දෙමළ විමුක්ති සන්ධානය
සමස්ත ලංකා සෛව මහා සභාව