SRILANKAN NEWS

රන්ජන්ට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතීසි

නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට ලබන 25 වනදාට පෙර අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි ශ්‍රේෂ්ඨාධීකරණය අද නොතීසි නිකුත් කර තිබේ.

පසුගිය අගොස්තු මස 21 වැනිදා නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක ජනමාධ්‍ය හමුවේ කර ඇති ප්‍රකාශයකින් අධිකරණ පද්ධතියට හා නීතිඥයන්ට අපහාසයක් සිදු කර ඇතැයි පවසමින් ගොනු කර ඇති පෙත්සම් දෙකක් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා මෙලෙස නොතීසි නිකුත් කර තිබේ.

අධිකරනයට අපහාස කිරීමේ චෝදනා යටතේ මෙම පෙත්සම් මාගල්කන්දේ සුදන්ත හිමි ඇතුළු පාර්ශ්වයන් දෙකක් විසින් ගොනු කර තිබේ.