SRILANKAN NEWS

උතුරේ ජනතාවගේ ඉඩම් සම්පූර්ණයෙන් නිදහස් කිරීමට තවත් වසර දෙකක් අවශ්‍යයි

උතුරේ හමුදාව යටතේ පවතින ජනතාවගේ ඉඩම් සම්පූර්ණයෙන් නිදහස් කිරීමට තවත් වසර දෙකක කාලයක් අවශ්‍ය බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනවිරත්න මහතා පවසයි.

ඊයේ දින පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු කළ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පවසා තිබේ.

ආරක්‍ෂක තත්වය ගැන සොයා බැලීමෙන් අනතුරුව ඉකුත් ඉඩම් නිදහස් කරන බවත්, හමුදාව විසින් අත්පත් කළ ඉඩම් ක්‍රමානුකූලව නිදහස් කරන බවද හෙතෙම පවසා තිබේ. තවද ඉඩම් අහිමිවූ ජනතාවට වන්දියක් හෝ වෙනත් ඉඩමක් ලබාදීමට ද පියවර ගන්නා බවද හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.