SRILANKAN NEWS VIDEO

දේශපාලන සිරකරුවන් පිළිබඳව කඩිනමින් පියවර ගන්නවා – ජනපති යාපනයේදි පවසයි..

දේශපාලන සිරකරුවන් පිළිබඳව කඩිනමින් පියවර ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යාපනයේදි පවසයි.

සමස්ත ලංකා දෙමළ භාෂා දින උත්සවය යාපනය හින්දු විදුහලේ දී අද (14) දින පැවැත්වුණි. එම අවස්ථාවට සහභාගිවීම සඳහා ජනාධිපතිවරයා යාපනයට පැමිණියේය. එහිදී අනුරාධපුර බන්‍ධනාගාරයේ දී ආහාර වර්ජනයක නිරතව සිටින දෙමළ දේශපාලන සිරකරුවන්ගේ ඉල්ලීම ඉටුකරන ලෙසත්, දෙමළ දේශපාලන සිරකරුවන් සියළු දෙනා කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙසත් ඉල්ලා ජනාධිපතිවරයා සහභාගිවීමට නියමිතව තිබූ උත්සවය අසල කලු කොඩි උද්ඝෝෂණයක් ද පැවැත්වුණි.

එහිදී ජනාධිපතිවරයා උද්ඝෝෂණයෙහි නිරතවූවන්ව හමුවී සාකච්ඡා කළේය. තමන් දෙමළ ජනතාවගේ ජන්දයෙන් ජනාධිපතිවූ බව අමතක නොකළ බවත්, දෙමළ, සිංහල ජනතාව කියා වෙන්කර නොබලන අතර, සියළු දෙනාම එකම රටේ ජනතාව ලෙස කටයුතු කරන බවත්, දේශපාලන සිරකරුවන් පිළිබඳව තමන් කඩිනමින් පියවර ගන්නා බවද ජනාධිපතිවරයා එහිදී පොරොන්දුවිය.