SRILANKAN NEWS

පොලිස් ආරක්‍ෂාව සහ වාහන ලබා දෙන්නම්, රහසිගත කඳවුරු තිබෙනවා යැයි කියන තැන්වලට ගොස් සොයා බලන්න…

කිලිනොච්චියේ සංචාරයක නිරතවූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතුරුදන්වූවන්ගේ ඥාතීන්ව හමුවී සාකච්ඡා කළේය.

ජනාධිපතිවරයාව පෞද්ගලිකව හමුවී සාකච්ඡා කළ යුතු යැයි අතුරුදන්වූවන්ගේ ඥාතීන් කළ ඉල්ලීම පිළිගත් ජනාධිපතිතුමා කිලිනොච්චියේ සිට කොළඹට විශේෂ ප්‍රවාහන පහසුකම් සපයා දෙන බවත්, එහි පැමිණ හමුවන ලෙස ද පවසා සිටියේය.

එය පිළිගත් අතුරුදන්වූවන්ගේ ඥාතීන් තම ඉල්ලීම් ඇතුලත් සන්දේශයක් ද ජනපති වෙත භාරදුන්හ.ත එහිදී තම දරුවන් තවඳුරටත් රහසිගත කඳවුරුවල සිටින බවට අතුරුදන්වූවන්ගේ ඥාතීන් ජනාධිපතිවරයා වෙත පැවැසූහ.

එයට පිළිතුරු දුන් ජනාධිපතිතුමා, පොලිස් ආරක්‍ෂාව සමඟ වාහන පහසුකම් ද ලබා දෙන බවත්, රහසිගත කඳවුරු තිබෙනවා යැයි කියන ස්ථානවලට ගොස් සොයා බලන ලෙස අතුරුදන්වූවන්ගේ ඥාතීන් වෙත පවසා සිටියේය.