SRILANKAN NEWS

ජයිකා මත ක්‍රියාත්මක රෝහල් සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය ගැන සාකච්ඡාවක්

ජපානයේ ජයිකා ආයතනයේ ආධාර මත ක්‍රියාත්මක රෝහල් සංවර්ධන ව්‍යාපෘති වල ප්‍රගතිය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජපානයේ ශ්‍රී ලංකා තානාපති Mr. Kenichi Suganuma සහ සෞඛ්‍ය ‍අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අතර සාකච්ජාවක් පැවැත්වුණි. ඒ, සෞඛ්‍ය අමාත්‍යාංශයේදීය.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සංවර්ධනය සඳහා තවදුරටත් ආධාර ලබා දීමට ජපාන රජය මෙහිදී එකඟතාවය පළ කළේය.

ගල්ගමුව, තෙල්දෙණිය, වරකාපොළ සහ කාන්තන්කුඩිය යන මූලික රෝහල් සංවර්ධනය කිරීම සිදුවන්නේ ද ජපන් රජයේ ජයිකා ව්‍යාපෘතිය යටතේය.