SRILANKAN NEWS

උතුරට හා දකුණට එකම නීතියක් ක්‍රියාත්මක වන බව පොලිස්පති පවසයි

අධිකරණ නියෝග සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේ දී උතුරට හා දකුණට එකම නීතියක් ක්‍රියාත්මක වන බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අවධාරණය කරයි.

තරාතිරම නොබලා නීතිය සැමට එකසේ ක්‍රියාත්මක වන බව කොළඹ ඊයේ(17) පැවති මාධ්‍ය හමුවකදී පොලිස්පතිවරයා පැවසීය.

පරිසරයට සම්බන්ධ ජාවාරම්වලදී කොතෙකුත් බලපෑම් ඇතිවුවද තදින් නීතිය ක්‍රියාත්මක කළයුතු බවට ජනාධිපතිතුමා හා අගමැතිවරයා තමන්ට උපදෙස් දී ඇති බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා මෙම මාධ්‍ය හමුවේදී කියාසිටියේය.