SRILANKAN NEWS

බලය බෙදීම දේශපාලනඥයින් සදහා නොව ජනතාව සදහයි – ජනපති

බලය බෙදීම දේශපාලනඥයින් සදහා නොව ජනතාව ශක්තිමත් කරමින් ඔවුන්ගේ අවශ්‍යතා ඉටුකිරීම සදහා විය යුතු බව ජනාධිපතිතුමා පවසයි. සෑම කෙනෙකුටම සංවර්ධනයේ සම ප‍්‍රතිලාභ ලබාදෙමින් සහ සම පහසුකම් සහිතව සාධාරණ සමාජයක ජීවත්විය හැකි පරිසරයක් නිර්මාණය කිරීම බලය බෙදීමේ අරමුණ බව පැවසූ ජනාධිපතිතුමා එය කිසිවිටෙකත් රට නොබෙදෙන සහ රට නොකැඩෙන වැඩපිළිවෙළක් විය යුතු බවද අවධාරණය කළේය.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ අද (21) පෙරවරුවේ වව්නියාව ෙසෙවප‍්‍රගාස බාලිකා විද්‍යාලයේ පැවති වව්නියාව දිස්ති‍්‍රක් නිල මෙහෙවර ජනපති ජනතා සේවය වැඩසටහනේ සමාප්ති උත්සවය අමතමිනි.

රටට අවශ්‍ය සංවර්ධනය මෙන්ම දේශපාලන ප‍්‍රතිසංස්කරණ සිදුකිරීමට වත්මන් රජය කැපවී සිටින බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා ඒ සදහා වූ වැඩපිළිවෙළ රජය කි‍්‍රයාත්මක කිරීමේදී විවිධ විරෝධතා මතුවන බව ද ප‍්‍රකාශ කළේය.

රටට අවශ්‍ය දේශපාලන ප‍්‍රතිසංස්කරණ සිදු කිරීමේදී ඊට එරෙහිව කටයුතු කරන සියලූ දෙනා අද දවසේ රටතුළ මතුව ඇති ගැටලූවල සැබෑ යථාර්ථය හදුනාගෙන කටයුතු කළයුතු අතර, අද දවසේ මෙම ගැටලූවලට විසදුම් ලබා නොදීම තුළින් අනාගතයේ මතුවන ප‍්‍රශ්නවලට ඔවුන් සියලූදෙනා වගකිව යුතුවන බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

මෙම වැඩපිළිවෙළට එරෙහිව විවේචන සහ උද්ඝෝෂණ සිදුකරන කිසිවෙකු තුළ මෙම ප‍්‍රශ්නවලට ලබාදිය හැකි විසදුම් පිළිබද කිසිදු යෝජනාවක් නොමැති බව සදහන් කළ ජනාධිපතිතුමා අද දවසේ රට තුළ සිදුකළයුතු දේශපාලන ප‍්‍රතිසංස්කරණ පිළිබද යෝජනා ඉදිරිපත් කරන ලෙස තමා ඔවුන් සියලූදෙනාගෙන් ඉල්ලා සිටින බව ද පැවසීය.

එමෙන්ම නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් පිළිබද දළ කෙටුම්පතක්වත් තවම සකසා නොමැති අතර සියලූදෙනාගේ අදහස් හා යෝජනා ලබා ගනිමින් සංශෝධනයට මෙන්ම සංවාදයට යටත්ව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන වාර්තාවේ රටේ ඒකීයභාවය, බුදු දහමට හිමි විය යුතු නිසි තැන මෙන්ම රටේ සියලූ ජනතාව අතර සහජීවනය සහ සමානාත්මතාවයෙන් යුත් සමාජයක් පිළිබද පැහැදිළිව කරුණු ඇතුළත් කර තිබෙන බව ජනාධිපතිතුමා සදහන් කළේය.

එහි සදහන් නොවන කරුණු ද පෙන්වා දෙමින් ඇතැමුන් ජනතාව තුළ වැරදි මතයක් ඇති කිරීමට උත්සාහ දරන බව ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා අද ඇතැම් පුවත්පත් මෙන්ම මාධ්‍ය තුළ ද ජනතාව නොමග යවන ඉතා අසත්‍ය පුවත් පළවන බවත් රට වෙනුවෙන් තම වගකීම හදුනාගෙන කටයුතු කරන ලෙස තමා ඔවුන් සියලූදෙනාගෙන් ඉල්ලා සිටින බවත් ප‍්‍රකාශ කළේය.

ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ජනතා ගැටලූවලට විසදුම් ලබාදීම සදහා ආරම්භ කළ නිල මෙහෙවර ජනපති ජනතා සේවා වැඩසටහනේ ප‍්‍රාදේශීය වැඩසටහන් 63 ක් අවසන් කර ජාතික වශයෙන් පැවැත්වූ තුන්වන ජාතික වැඩසටහන මෙලෙස වව්නියාව දිස්ති‍්‍රක්කය කේන්ද්‍රකර ගනිමින් පැවැත්විණි.

මෙයට පෙර පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ සහ ගාල්ල දිස්ති‍්‍රක්කයේ නිල මෙහෙවර ජනපති ජනතා සේවා වැඩසටහන ඉතා සාර්ථකව අවසන් කර තිබුණි. ඊළග වැඩසටහන යාපනය දිස්ති‍්‍රක්කය කේන්ද්‍රකර ගනිමින් පවත්වන බව ජනාධිපතිතුමා මෙහිදී සදහන් කළේය.

වව්නියාවේ දිස්ති‍්‍රක්කයේ ස්ථිර ඉඩම් ඔප්පු නොමැති ජනතාව වෙත ඉඩම් ඔප්පු 5000 ක් ප‍්‍රදානය කිරීම සංකේතවත් කිරීම, මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළ ලකුණු ලබාගත් සිසුන් සදහා ත්‍යාග පිරිනැමීම, ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන යටතේ පොල් සංවර්ධන මණ්ඩලය මගින් පොල් පැළ ලබාදීම, වියළි කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට පානීය ජලය බෙදාදීම සදහා අවශ්‍ය ජල බවුසර් දෙකක් ලබාදීම ඇතුළු වැඩසටහන් රැසක් මෙහිදී ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

අනතුරුව නිල මෙහෙවර ජනපති ජනතා සේවය පැවති පරිශ‍්‍රයේ නිරික්ෂණ චාරිකාවක නිරත වූ ජනාධිපතිතුමා එහිදී ඉදිරිපත් කෙරුණු ජනතා ගැටලූ පිළිබදව ද අවධානය යොමු කළේය.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, අමාත්‍යවරුන්වන ගයන්ත කරුණාතිලක, එස්.බී. නාවින්න, රිෂාඞ් බදුර්දීන්, රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන්, උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ, පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන කේ. කාදර් මස්තාන්, ඒ.එම්. සුමන්තිරන්, සෙල්වම් අඩෙයික්කනාදන් යන මහත්ම මහත්මීන් ඇතුළු පළාතේ මහජන නියෝජිතයින් ද දිස්ති‍්‍රක් ලේකම් එම්.බී.ආර්.පුෂ්පකුමාර මහතා ඇතුළු රාජ්‍ය නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මේ අතර යාපනයේදී ඝාතනයට ලක්වූ විද්‍යා දැරියගේ මව ද මෙහිදී ජනාධිපතිතුමා හමු විය.පවුලේ සුව දුක් විමසීම සදහා එම නිවසට පැමිණෙන බව ජනාධිපතිතුමා එහිදී විද්‍යා දැරියගේ මව වෙත දුන් පොරොන්දුව අනුව උත්සවයෙන් අනතුරුව වව්නියාව ප‍්‍රදේශයේ එම නිවසට ගිය ජනාධිපතිතුමා පවුලේ සාමාජිකයින්ගේ සුවදුක් විමසීය.

විද්‍යා දැරියගේ වැඩිමහල් සොහොයුරියගේ උසස් අධ්‍යාපන කටයුතු මෙන්ම එම පවුලේ ඉදිරි කටයුතු වෙනුවෙන් ලබාදිය හැකි සියලූ උපකාර සිදුකරන බව ජනාධිපතිතුමා සදහන් කළේය.විද්‍යා දැරියගේ ඝාතනයට අදාළ නීතිමය කටයුතු කඩිනම් කර ගැනීම ඇතුළු සාධාරණය ඉටුකර ගැනීම සදහා ජනාධිපතිතුමා දැක්වු සහය පිළිබදව මෙහිදී එම දැරියගේ මව ජනාධිපතිතුමා වෙත සිය කෘතඥතාවය පළ කර සිටියාය.