MUSLIMS SRILANKAN NEWS

මෙවර ජාතික මීලාත් උත්සවය යාපනයේදී

ජාතික මීලාත් උත්සවය මෙවර උතුර මධ්‍යස්ත කොට යාපනය දිස්ත්‍රික්කයේ පැවැත්වීමට නියමිත අතර, එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගිවීමට නියමිත බව තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය අබ්දුල් හලීම් මහතා පවසයි.

යාපනය දිස්ත්‍රික්කයේ පැවැත්වීමට නියමිත 2017 වසර සඳහා වූ ජාතික මීලාත් උත්සවය සම්බන්‍ධ සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවක් මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යංශයේ විසින් යාපනය දිස්ත්‍රික්ක ලේකම් කාර්‍යාලයේ දී දිසාපති නාකලිංගම් වේදනායකම් මහතා ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

යාපනය, මුල්ලතිව්, මන්නාරම, වව්නියාව, සහ කිලිනොච්චිය යන දිස්ත්‍රික්ක සම්බන්‍ධ කර මෙම මීලාත් උත්සවය මේ වසරේ දෙසැම්බර් 18වනදා යාපනය ඔස්මානියා විදුහලේදී පැවැත්විමට තීරණය කර ඇති අතර, ඒ සඳහා අවශ්‍ය සියළු පහසුකම් සපයීමට ද එහිදී සාකච්ඡා කර තිබේ.

යාපනය සහ කිලිනොච්චිය මුස්ලිම් නියෝජිතයන්, උතුරු පළාත් මස්ජිද් පරිපාලන සංගමය, උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම් ඉ. ඉලන්කෝවන්, මුල්ලතිව් දිස්ත්‍රික්ක දිසාපති රූපවති කෙදීස්වරන් ඇතුළු නිලධාරින් බොහෝ දෙනෙකු මෙම සාකච්ඡාවට එක්වූහ.