SRILANKAN NEWS

ඔයාමඩුවට ආයුධ ගබඩා සංකීර්ණයක්

– Global Tamil News –

ඔයාමඩුවට ආයුධ ගබඩා සංකීර්ණයක්

ඔයාමඩුව ප්‍රදේශයේ  ආයුධ ගබඩා සංකීර්ණයක් ඉදිකිරීමට රජය තීරණය කර තිබේ.

ත්‍රිවිධ හමුදාවට අයත් පුපුරන ද්‍රව්‍ය සහ වාණිජමය පුපුරන ද්‍රව්‍ය ගබඩා කිරීමට ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල විධිමත් ගබඩා සංකීර්ණයක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඔයාමඩුව ප්‍රදේශයේ ඉදි කිරීමට රජය තීරණය කර තිබේ.

උතුරු-නැ‍ඟෙනහිර ප්‍රදේශවල හමුදා මෙහෙයුම් පැවැති කාල වකවානුවේ ක්‍රියාන්විත කටයුතුවලට භාවිත කරන ලද පතරොම් හා වෙඩි ද්‍රව්‍ය විවිධ ස්ථානවල තාවකාලිකව ගබඩා කරන ලද අතර, ඒවා නිසි පරිදි ගබඩා කර තැබීමට ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල ගබඩා සංකීර්ණයක් ජනගහනය අඩු ප්‍රදේශයක ඉදි කිරීමට 2011 වර්ෂයේ දී අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබුණි.

– ග්ලෝබල් දෙමළ පුවත් –