SRILANKAN NEWS

ලබන 5වනදා සුනාමි පෙරහුරුවක්

සුනාමි කුළුණු 77 ක්‌ ආශ්‍රිතව සුනාමි ව්‍යසනය පිළිබඳව දැනුවත් කිරීමේ පෙරහුරුවක්‌ ලබන ඉරිදා(05) සවස 2.00 ට දීප ව්‍යාප්තව පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය පවසයි.

‍මෙම වැඩසටහන සම්බන්ධයෙන් විදේශීය සංචාරකයින් දැනුවත් කරන්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය සංචාරක හෝටල් හිමියන්ගෙන් ඉල්ලීමක් ද කර ඇත.