SRILANKAN NEWS

විශේෂ ත්‍රිපුද්ගල අධිකරණ තුනක් – අමාත්‍ය තලතා අතුකොරළ

විශේෂ ත්‍රිපුද්ගල අධිකරණ තුනක් පිහිටුවන්නට කටයුතු කරන බව අධිකරණ හා විදේශ රැකියා  අමාත්‍ය තලතා අතුකොරළ මහත්මිය පවසයි.

අධිකරණ සංවිධාන (සංශෝධන ) පනත් කෙටුම්පත,අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ ( සංශෝර්ධන ) පනත් කෙටුම්පත, අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම සඳහා ඊයේ  (7) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව විවාදය අවසානයේ පිළිතුරු කතාව කරමින් අමාත්‍යවරිය මේ බව පැවසී ය.

මහාධිකරණ විනිසුරන් 75 සිට 110 වැඩි කරනවා.  විශේෂ ත්‍රිපුද්ගල අධිකරණ තුනක් පිහිටුවන්නට කටයුතු කරනවා. ඇමැති මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙනවා. තව ගොඩාක් සංශෝධන ගේන්න වෙයි. අද දවසේ වුණත් නඩුවලදී සාක්ෂිකරුවන් ලෙස වින්දිතයන් ලෙස ඉදිරිපත් වන අයගේ ආරක්ෂාව පිළිබඳව ප්‍රශ්නයක් තිබෙනවා. සාක්ෂි විදෙස් රටවල තනාපති කාර්යාල මඟින් ලබාගන්න පනත සංශෝධනය කර තිබෙනවා. තර්ජුදීන් ඝාතනය සම්බන්ධයෙන් වන පරීක්ෂණවල අමාත්‍යාංශය යටතේ ආයතනයකින් යම් අඩුපාඩුවක් සිදු වී ඇත්නම් ඒ පිළිබඳව සොයාබලා කටයුතු කරනවා යැයි ද අමාත්‍යවරිය පැවසී ය.