SRILANKAN NEWS

කුර්දි කඳු

ගරිල්ලා ළඳුන් සුරතින්
එසැවුණු ධජයෙහි
සිනාසෙන හිරුගේ එලියෙන්
දිදුලන අක්රාග පුරවරයෙහි
ජූඩි කඳු මුදුනතින්
ඇසෙන එක පැහැර පතළව
නිදහස ලැබුවෙය යි හඬ නගන
කුර්දි දරුවකුගෙ නාදය

අරගලෙන් මිය ගිය සැමියා වෙනුවෙන්
යුප්රනටීස් නදී තෙර
ඔලිව් තුරක් මෙන්
තවත් නොයනු ඇත කඳුළු මත්තෙන්
ඔහුගේ සොහොන්කොත වෙත

නිසල නොවෙනා ටෛග්රිතස් නදිය සේ
පරපුරක උරුමයක් වුණු
විමුක්තියක සිහිනය හිස දරා
දිනූ නිදහසක
ඔබ හදවත්හි විකසිතවූ
බ්රිදටිලා මල් සුවඳ
විඳින්නෙමි මම

ලෙයින් නැහැවී ගිය
කුර්දි කඳු ශිඛරයෙනි
දිනක් උදාවනු ඇති
ඔබේ දේශයට මෙන්
අපේ දේශයටද
අපේ අත්වලද ධජ කොඩි ලෙළදෙන
ත්රිඅකුණාමල කඳුමතින් ඇසෙනු ඇති ඔබට
අපේ නිදහස පළකරන
ඊලම් දරුවාගෙ නාදය

ලිනූස් මල් සුළඟේ පිපී වැනෙනාසේ
ඔසවා අපේ ධජයන්
අපේ සිහිනය ඔබේ නෙත් තුල
අපේ පවස ඔබේ හදවත් තුල
දරාගත් ගිරි ශිඛරයෙනි
දොරගුළු ලා වැසුණු
අප සිටිනා තැනෙහි නිදහස
දකින්නට රිසියෙමු ඔබේ උර මතින්

අරගලකරුවකුගෙ අවසන් බැල්ම සේ
දැඩිය, තිරය අපගේ නිදහස
ගරිල්ලා සෙබළු වැනි කුර්දි ගිරි ශිඛරයෙනි
අප ඔබේ මිතුරන්ය
ඔබ අපේ මිතුරන්ය
කුර්දි කඳු ශිඛර මෙන්
පූජනීයයි අපේ විමුක්තිය

-දීපචෙල්වන්

Translation: Wojitha Karunanayakke