SRILANKAN NEWS

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ වංචාවක් ගැන ජවිපෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

වසර ගණනාවක් පුරාසිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව තුළ සිදුවෙමින් පවතින බරපතළ වංචාවක් පිළිබඳව පැමිණිල්ලක් ජනතා විමුක්ති පෙරමුණ විසින් ඊයේ (08) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත යොමු කර තිබේ.

දිගාමඩුලු ජන අයිතීන් සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු හා ජවිපෙ අම්පාර දිස්ත්‍රීක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත පියතිස්ස මහතා විසින් මෙම පැමිණිල්ල අල්ලස් කොමිසම වෙත ඉදිරිපත් කර ඇති අතර එහි වගඋත්තරකරුවන් ලෙස සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල්වරයා, නියෝජ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයා, ව්‍යාපෘති අධ්‍යක්ෂකවරයා, දිස්ත්‍රීක්භාර අණදෙන නිළධාරීන් හා ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා නම්කර ඇත.

යුද්ධය අවසන් වීමෙන් අනතුරුව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දුන් ව්‍යාපෘති වැඩසටහනකට අනුයුක්ත කර සිටින එම දෙපාර්තමේන්තුවේ සාමාජිකයින් 20,000ක් පමණ අනිවාර්යෙන්ම එම ව්‍යාපෘති හරහා ලබා ගන්න ආදායමෙන් කොටසක් රජයට ලබා දිය යුතු අතර එසේ ලබා ගන්නා මුදල් වසර ගණනාවක් පුරා වංචාවට හා දූෂණයට ලක් කිරීම මෙලෙස අල්ලස් කොමිසම පැමිණිල්ලක් මඟින් හමුවේ හෙළිදරව් කර තිබේ.