SRILANKAN NEWS

තමිලරසු පකෂය සමඟ එක්වී කටයුතු කරන්නේ නැහැ – ඊ.පි.ආර්.එල්.එෆ්.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව තමිලරසු පක්‍ෂය ගත් තීරණය, දෙමළ ජන වරමට පටහැනි ක්‍රියාවකි. එමෙන් තවඳුරටත් ඔවුන් සමඟ එක්වී කටයුතු කිරීමට නොහැක. ඔවුන්ගේ ලකුණින් මැතිවරණයට තරඟ කිරීමට ද නොහැකි බව ඊ.පි.ආර්.එල්.එෆ්. පක්‍ෂ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා පවසයි.

යාපනය පොදු පුස්තකාලයේදී අද (12) දින පැවැති දෙමළ මහජන සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් ප්‍රකාශ කරමින් ඔහු මේ බව පවසා සිටියේය.

“තමිලරසු පක්‍ෂය ජනතා වරම සම්පූර්ණයෙන් උදාසීන කර ඇත. එමෙන් නව පෙරමුණක අවශ්‍යතාවය ගැන පසුගිය වසර කිහිපයක් තිස්සේ ඊ.පි.ආර්.එල්.එෆ්. පක්‍ෂය අවධාරණය කර තිබෙනවා. අද එය සියළු දෙනා අවබෝධ කරගෙන සිටිනවා.

තමිලරසු පක්‍ෂය, උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීම, ෆෙඩරැල් වැනි කරුණු අත්හැර තිබෙනවා. එමෙන් දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගැනීම නව පෙරමුණක සහ නව නායකත්වයක් අවශ්‍යයි යන මතය අද සියළු දෙනා පිළිගෙන තිබෙනවා.

තමිලරසු පක්‍ෂය අද ඊයේ නොවේ දිගු කලක් තිස්සේ අන්තනෝමතිකව තීරණය ගන්නවා, දෙමළ ජාතික සන්ධානය සමග සාකච්ඡා කර තීරණය ගන්නේ නැහැ, ඒකීය පාලනයක් පිළිගත හැකි සම්බන්‍ධන් වැනි නායකයෙකු මින් මතුව දෙමළ ජනතාව අතරින් බිහි නොවන බවට සිංහල නායකයන් ප්‍රසංශා කරන තත්වයක සම්බන්‍ධන් මහතා සිටිනවා. මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තවත් විනාශයට පත්වනවා. දෙමළ ජනතාවගේ අයිතිවාසිකම්වලට කුමක් සිඳුවේදැයි දන්නේ නැහැ.

මෙවැනි තත්වයකදී දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගැනීමට නව සන්ධානයක් බිහිවීමට නියමිතය. එය පොදු ලකුණකින් පොදු නමකින් කාලයේ අවශ්‍යතාවයට අනුව පිහිටුවනු ලැබේ. ඊ.පි.ආර්.එල්.එෆ්. පක්‍ෂ තවඳුරත් තමිලරසු පක්‍ෂය සමග එක්වී කටයුතු කරන්නේ නැහැ, හේතුව තමිලරසු පක්‍ෂය අතුරු වාර්තාව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්‍ධයෙන් ගත් තිරණය දෙමළ ජන වරමට පටහැනිය. එමෙන් ඔවුන් සමඟ එක්වී කටයුතු කිරීමට නොහැක“ යැයි සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා වැඩිදුරටත් පවසා සිටියේය.