SRILANKAN NEWS

සුබසාධනය හා සංවර්ධනය මත පදනම් වූ අයවැයක් ඉදිරිපත් කර තිබෙනවා – අගමැති

සුබසාධනය හා සංවර්ධනය මත පදනම් වූ අයවැයක් ඉදිරිපත් කර ඇති බවත් එමගින් රටේ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීම අපේක්‍ෂාව බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. සැමට සෙවණ නිවාස සංවර්ධන වැඩසටහන යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රතිලාභීන්ට හිමිකම් ප්‍රදානය කිරීමේ උත්සවයට සහභාගිවෙමින් අගමැතිවරයා මේ බව පවසා සිටියේය.

“මීට ඉස්සෙල්ලා කාලේ නිවාස අමාත්‍යංශයෙන් නිවාස නම් හැදුවේ නැහැ.. මොනවා හැදුවද මන් දන්නැ.. කෙසේ හෝ නිවාස නම් ඉඳි කරේ නැහැ… දැන් ඇත්ත වශයෙන්ම ඒ ඉඩම්වල අයිතිය.. විසඳන්ටත්.. නිවාස ඉඳි කරන්නටත්… ක්‍රියා කරගෙන යනවා..මේ සැරෙත් තවත් නිවාස හදන්න අයවැයෙන් මුදල් ලබලා දීලා තියෙනවා… සුභසාධනයයි සංවර්ධනයයි පදනම් කරගත්ත අයවැයක් ඉදිරිපත් කරලා තියෙන්නේ.. ජනතාවට සුභසාධනය.. තරුණයන්ට රැකියාව දෙන එක තමයි අද අපේ අරමුණ… 2018යි 2019යි අවුරුද්දේ දී අපිට රුපියල් කෝටි ලක්ෂ 3ක ණය ආපහු ගෙවන්ට තියෙනවා.. මේ ණය ආපහු ගෙවනවා කියලා… අපේ සුභසාධන වැඩ කටයුතු අපි අවසන් කරන්නේ නෑ…. අපේ දැන් ආර්ථිකය ස්ථාවරභාවයක් ඇති කරපු නිසා.. මේ රටේ තරුණ තරුණියන් රැකියා බලාපොරොත්තු වෙනවා… අපිට රැකියා බිහි කරන්න තියෙනවා… ඒ බලාපොරොත්තු ඉෂ්ඨ කරන්න තියෙනවා… දැන් ඒ වැඩකටයුත්තත් අපි ආරම්භ කරලා තියෙනවා.

අද දවසේ මේ මොහොත වනවිට.. පවුල් 256,000කට එක් ලක්ෂ හැට හතරදාහස් එකසිය දහනවයක්..මහජන මුදල් කැප කරලා… මේ සා විශාල ජන කොට්ඨාශයක් නිවාසවලින් සවිබල ගැන්වුණයි කියන එක පිළිබඳව සතුටින් මේ අවස්ථාවේ දී මතක් කරන්නට ඕනේ… 2020 වෙනකොට උදා ගම්මාන 2,500ක් අපි අවසන් කරන්න.. අද බොහෝ දෙනෙක් හිතනවා.. ජාතික ඇඳුම ඇදගෙන.. සාටකයක් දැම්මාම.. දූ දරුවන් සිප වැළඳ ගත්තාම එයා දේශප්‍රේමියයි කියලා… නමුත් මම තමුන්නාසේලාට කියනවා.. නියම දේශප්‍රේමීත්වය ඉස්මතුවෙලා තිබෙන්නේ යහපාලන රජය ක්‍රියාත්මක කරපු නිවාස වැඩසටහන තුළ…” යැයි අගමැතිවරයා වැඩිදුරටත් පවසා සිටියේය.