SRILANKAN NEWS

යාපනයේ රැකියා ඉල්ලා උපාධිධාරින් උද්ඝෝෂණය කරයි..

උතුරු පළාතේ රැකියා විරහිත උපාධීධාරීන් විසින් අද (15) දින පෙරවරුවේ යාපනය දිස්ත්‍රික්ක ලේකම් කාර්‍යාලය ඉදිරිපිට රැකියා විරහිත සියළු උපාධිධාරීන්ට පත්වීම් ලබාදිය යුතු යැයි ඉල්ලා උද්ඝෝෂණයක නිරතවූහ.

රැකියා ඉල්ලා අඛණ්ඩව දින 143ක් සත්‍යග්‍රහයක නිරතවූ උපාධිධාරීන්ට පුහුණු වැඩසටහනක් යටතේ සංවර්ධන සහායකයන් ලෙස මෙම වසර තුළ පත්වීම් ලබා දෙන බවට ලබාදුන් ප්‍රතිඥාවෙන් අනතුරුව එම සත්‍යග්‍රහය අවසන් කර තිබුණි. නමුත් මෙතෙක් කිසිඳු පත්වීමක් ලබාදී නොමැති බවත්, ඒ සම්බන්‍ධයෙන් කිසිඳු ක්‍රියාමාර්ගයක් ද ගෙන නොමැති හෙයින් මෙම උද්ඝෝෂණය සංවිධානය කළ බව උපාධිධාරීන් පවසති.

මෙම උද්ඝෝෂණයෙන් අනතුරුව මහ ඇමැති, ආණ්ඩුකාර, දිසාපති, හරහා අග්‍රමාත්‍යවරයා වෙත යැවීම සඳහා උපාධිධාරින්ගේ අත්සන් සහිත සන්දේශයක් ද භාරදී තිබේ.