SRILANKAN NEWS

රට බෙදනවා යැයි කීම සම්පූර්ණ අසත්‍ය ප්‍රකාශයක් – විපක්ෂ නායක

විදේශ ආයෝජනවලට දොරටු විවෘත කරමින් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීම අවශ්‍ය බවත් රට බෙදීමට උත්සහායක් ඇතැයි කීම සම්පූර්ණ අසත්‍ය ප්‍රකාශයක් බවත් විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා අද (16) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

විපක්ෂ නායකවරයා අද පාර්ලිමේන්තුවේ දී අයවැය දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමින් මෙසේ පැවසී ය.

විවිධ යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. ජීවන තත්ත්වය වැඩි කිරීමට නගාලීමට කටයුතු කර තිබෙනවා. හොඳ ආරම්භය. වර්තමාන අයවැය තුළ කළ හැකි දේ ක්‍රියාත්මක කිරීම අවශ්‍යයි. රටේ ආර්ථිකය විවිධ සාධක මත ක්‍රියාත්මක වෙනවා. රට සහ ජනතාව විවිධ වාසි සහගත තත්ත්වයන් තුළ ජීවත් වෙනවා.

ඉන්දියන් සගරයේ ආර්ථික වාසි රැසක් ඒ තුළින් ලැබී තිබෙනවා. අපි යහපත් ආර්ථිකයක් සහිතව තමයි කටයුතු කළා. අපේ රට පීඩාවට පත් වූ ආකාරය ගැන අප දන්නවා. දේශපාලන අභිලාෂයන් ළඟාකරගැනීමට නොහැකිවීම, දේශපාලන පොරොන්දු ඉටු නොකිරීම, ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවීම,සන්නද්ධ අරගල දක්වා ගමන් කිරීම, දසක කීපයක් තිස්සේ අපේ ආර්ථිකයට බාධා එල්ල කළා.

අපි විදේශ ආයෝජනවලට දොරටු විවෘත කිරීම වැදගත් වෙනවා. ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීම අවශ්‍යයි. වෙලඳපොළ ආකර්ෂණය කරගැනීම වැදගත්. රජයට වගකීමක් තිබෙනවා, දූෂිත ක්‍රියාකාරකම් මේ කටයුතුවලට බාධා නොවන ලෙස නිවැරැදි කරගැනීමට. එවිට ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නංවිය හැකියි. අපට ජාත්‍යන්තර ප්‍රජාවගේ සහාය ලැබෙනවා.ජනතාවට රැකියා ලබාදීම අපේ වගකීමක්. එය නොසළකා හරින්නට බෑ. සමාජයේ සෑම අංශයක් ගැනම අවධානය යොමු කරන්න ඕන. සාමය හා ස්ථාවරභාවය ඉතා වැදගත්වෙනවා.

වර්තමානයේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමේ යෙදිලා තිබෙනවා. එය සාර්ථක ආර්ථිකයක් මත රඳා පවතිනවා කියලා කියන්නත් පුළුවන්. මෙම ජයග්‍රහන තුළම යම් කිසි සාධරණ පිළිගැනීමක් දේශීය හා ජාත්‍යන්තරව ලැබෙනවා. රට බෙදීමට උත්සහායක් තිබෙනවා කියලා රාජපක්ෂ මහතා කියනවා, එය සම්පූර්ණයෙන්ම අසත්‍යයක්.මේ රටේ ජනතාව නැවතත් බෙදීමට උත්සහ නොකළ යුතුයි. වර්තමාන ජනාධිපතිතුමා සහ ආගමැතිතුමා නොබෙදෙන රටක් ලෙස ජනතාව එක්සත් කිරීමට කටයුතු කරනවා රටේ යහපත වෙනුවෙන්. මේ රටේ සියලු දෙනාටම සාධාරණ විසඳුමක් ගැනයි අපි සොයා බලන්නේ. නොබෙදෙන සාධාරණ විසඳුමක් ගැන බලන්නේ යැයි ද විපක්ෂ නායකවරයා පැවසී ය.

– news.lk