SRILANKAN NEWS

ගාල්ල පොලිස් වසමේ ඇඳිරි නීතිය පෙරවරු 9.00න් අවසන් – සැකපිට මැරයන් 19ක් අත්අඩංගුවට

ඊයේ (17) ගාල්ල පොලිස් වසමේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයක් හේතුවෙන් ඊයේ රාත්‍රියේ සිට අද (18) පෙරවරු 9.00දක්වා ඇඳිරිනීතිය ක්‍රියාත්මක කිරීමට පොලිස්පතිතුමා පියවර ගනු ලැබීය.

ඒ අනුව වැලිපිටිමෝදර, මහහපුගල, රුක්වත්ත, ගිංතොට, පියදිගම, කුරුඳුවත්ත ග්‍රාම සේවා වසම් සඳහා මෙලෙස ඇඳිරිනීතිය ක්‍රියාත්මක කොට ඇත.

එමෙන් ම මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් නිලධාරීන් 200කට අධික පිරිසක් ද පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් 100කට අධික පිරිසක් ද රාජකාරි සඳහා යොදවා ඇත.

මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 19ක් අත්අඩංගුවට ගෙන ඇත.