SRILANKAN NEWS

කිසිම පරීක්ෂණේකට විදෙස් විනිසුරන් පත් කරන්නේ නැහැ – නිමල් සිරිපාල ද සිල්වා

කිසිඳු පරීක්ෂණයකට විදෙස් විනිසුරන් පත් නොකරන බවත්, සෑම විටම රටට නිදහස ලබාදුන් ඊට. දායක වූ සියලු දෙනා ආරක්ෂා කිරීම යුතුකමක් බවත් ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, ඊයේ (18) පාර්ලිමේන්තුවේ දී ආරක්ෂක අමාත්‍යාංශයේ වැයශීර්ෂය විවාදයට එක්වෙමිනි.

“ ලෝකයේ රටවල් ජාතික ආරක්ෂාවට ප්‍රමුඛස්ථානයට ලබාදී තිබෙනවා. එය ජාතික ප්‍රමුඛතාවක් ලෙස පිළිගෙන තිබෙනවා. ආරක්ෂාව සඳහා වෙන්කරන මුදල සෑම රටකම වැඩි වී තිබෙනවා. ජාතික ආරක්ෂාව නැති වුණොත් අර්ථිකය හෝ සමාජය හදාගන්න බෑ. යුද්ධයෙන් ජන ජීවිතයට සිදු වූ බලපෑම ගැන අපට අත්දැකීම් තිබෙනවා.

රටේ ත්‍රස්තවාදය රටේ බිහි නොවීමට ජාත්‍යන්තර ත්‍රස්තවාදය රට තුළට ඒම වැලැක්වීමට කටයුතු කළ යුතුයි. ආරක්ෂ අංශ ආයතන අපි අනිවාර්යෙන්ම ශක්තිමත් කළ යුතුයි. මේ ආයතන ශක්තිමත් කිරීමට අයවැයෙන් මුදල් වෙන් කර තිබෙනවා. කිසිදු පරීක්ෂණයකට විදෙස් විනිසුරන් පත් කරන්නේ නෑ. සෑම විටම රටට නිදහස ලබාදුන් දායක වූ සියලු දෙනා ආරක්ෂා කිරීම අපේ යුතුකමක්.

ජාත්‍යතරය පවා ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වන සාකච්ඡාවේදී ජාතික ආරක්ෂාවට ප්‍රමුඛතාවය ලබාදී තිබෙනවා. නාවික හමුදාවට නැවක් ගන්න එක ආන්දෝලනයක් ඇති කරලා. මෙහි අවශ්‍යතාවය තීරණය කරන්නේ නාවික හමුදාව. අපේ යුතුකම එම නැව අරන් දෙන එකයි. ජනාධිපතිතුමාට මඩ ගහන්න යොදා ගනීම ගැන කණගාටු වෙනවා. ගුවන් නියමුවන්,ගුවන් පාලකයින් වැඩි වැඩියෙන් පුහුණු කළ යුතුයි. ජාතික සංවර්ධන කටයුතු සඳහා යුද,ගුවන් හා නවික හමුදාව යොදා ගත හැකියි.හමුදා අංශවලට අවශ්‍ය සහයෝගය ලබාදෙන්න ඕන. නවීන තාක්ෂණය, නවීන උපකරණ හමුදා ක්ෂේත්‍රයන්ට හා පොලීසියට ලබාදිය යුතුයි. රණවිරු සුබසාධනය රජය විසින් අනිවාර්යෙන් ම සිදු කරනවා“ යැයි ද අමාත්‍යවරයා පැවසී ය.