SRILANKAN NEWS

බ්‍රිතාන්‍යයන් වෙතින් ලැබුණු නිදහස දෙමළ ජනතාවට නොලැබුණු නිසා නිදහස් දිනයට සහභාගිවන්නේ නැහැ –

බ්‍රිතාන්‍යයන් වෙතින් රටට නිදහස ලැබුණත් සිංහල ආධිපත්‍යන් මෙතෙක් අපට නිදහස ලැබී නොමැති හෙයින් ශ්‍රී ලංකාවේ පවත්වන නිදහස් දින උත්සව අවස්ථාවලට සහභාගි නොවන බව උතුරු පළාත් මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන් මහතා පවසයි.

වව්නියාව පාසලක පැවැති උත්සවයකදී උතුරු පළාත් අධ්‍යාපන ඇමැති ක. සර්වේස්වරන් ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගිවූ අවස්ථාවේ ජාතික කොඩිය එසවීම ප්‍රතික්‍ෂේප කර තිබේ. එම සිද්ධිය දකුණේ දේශපාලන මට්ටමේ නොසන්සුන් තත්වයක් ඇති කර තිබුණි.

මෙවැනි තත්වයකදී මේ සම්බන්‍ධයෙන් උතුරු පළාත් මහ ඇමැතිවරයා මාධ්‍යට එවා ඇති නිවේදනයකදී මේ බව සඳහන් කර තිබේ.

“ජාතික කොඩිය යනු රටක ජනතාව නියෝජනය කරන දෙයකි. ජනතාව අතර මත භේදකම් තිබිය හැක. පක්‍ෂයන් අතර භේදයක් තිබිය හැක. නමුත් එය පෙරටු කර ජාතික කොඩිය පිළිබිඹු කරන ජනතාව උදාසීන නොකළ යුතුයි.

සර්වේස්වරන් මහතාගේ කණගාටුව මටත් තිබුණා. රෝයල් විදුහලේ ඉගෙනුම ලබන කාලයේදී කැඩෙට් සිසුවකු වශයෙන් 1959 වසරේ නිදහස් දින උත්සවයට සහභාගිවුනා ඉන්පසු කිසිම අවස්ථාවක නිදහස් දින උත්සවයකට සහභාගිවුනේ නැහැ. හේතුව, බ්‍රිතාන්‍යන් විසින් රටට නිදහස ලැබුණ ද සිංහල ආධිපත්‍යන් මෙතෙක් අපට නිදහස ලැබී නැහැ. මගේ විරෝධය එලෙස පෙන්වා දී තිබේ. නමුත් ශ්‍රී ලාංකික සියළු ජනතාවටම ගරු කරන අයුරින් ජාතික කොඩිය ඔසවා ගෞරවය කරනවා, ජාතික ගීය ගායනා කරන විට නැගිට එයට පූර්ණ ගරුත්වය ලබා දෙනවා.

අමාත්‍ය සර්වේස්වරන්ගේ කණගාටුව එක් පැත්තකින් ප්‍රදර්ශණය වී තිබේ. නමුත් මගේ මතය ජාතික කොඩිය සහ ජාතික ගීය ප්‍රතික්‍ෂේප කිරීම අප සියළු ජනතාවම ප්‍රතික්‍ෂේප කිරීමට සමාන දෙයකි“ යැයි මහ ඇමැතිවරයා වැඩිදුරටත් පවසා තිබේ.