SRILANKAN NEWS

යාපනයේ අවි කල්ලිය මැඩපැවැත්වීමට STF යොදවයි..

යාපනයේ සිඳුවන කඩු කැපුම් සිද්ධියට සම්බන්‍ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට සහ ඉකුත් අවි කල්ලිය මැඩපැවැත්වීමට පොලිස් විශේෂ කාර්‍ය බලකාය යොදා ඇති බවත්, මුර සංචාරයේ යෙදී සිටින පොලිස් විශේෂ කාර්‍ය බලකාය සම්බන්‍ධයෙන් මහජනතාව භීතියට පත්වීමට අවශ්‍ය නැති බව පොලිස් විශේෂ කාර්‍ය බලකායේ ඉහළ නිලධාරියෙකු අද පැවැසීය.

මේ සම්බන්‍ධයෙන් වැඩිදුරටත් පවසා සිටියේ,

මෑත කාලයේදී යාපනය දිස්ත්‍රික්කය තුළ තියුණු ආයුධවලින් පහරදීමේ සිද්ධීන් ඉහළ ගොස් තිබේ. එය මර්ධනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්‍ය බලකාය ආරක්‍ෂක කටයුතුවල යොදවා ඇති අතර, තියුණු ආයුධ සමඟ සැක සහිතිව ගමන් කරන පුද්ගලයන්ව අත්අඩංගුවට ගැනීමට පියවර ගැනු ලැබේ.

කිහිප දෙනෙකු විසින් සිඳුකරන මෙම අපරාධ ක්‍රියාව මැඩපැවැත්වීමට ප්‍රදේශවාසීන් සිය සහාය ලබා දිය යුතු බවත්, එවැනි පුද්ගලයන් ගැන තොරතුරු දන්නේ නම් යාපනය පන්නයි මාර්ගයේ පිහිටි පොලිස් විශේෂ කාර්‍ය බලකායට දැනුම් දෙන ලෙස ද ඉල්ලා තිබේ.